April 19, 2024

ලංකාව මුලින්ම පන්දුවට පහරදෙයි

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන තීරණාත්මක තරගයක් වන එංගලන්තය හා පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදිමට තීරණය කළේය.

මෙම තරගයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 4ක් ඉතිරිව ඇති අතර ශ්‍රී ලංකාවට තරගාවලියේ ඉදිරියට යෑමට අවශ්‍යනම් අවම වශයෙන් තරග තුනක්වත් ජයගත යුතු වෙයි.

ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට ක්‍රිඩා කළ ළහිරු තිරිමාන්න හා මිලින්ද සිරිවර්ධනට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇති අතර ඒ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු හා ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම - දිමුත් කරුණාරත්න, කුසල් ජනිත්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙර්රා, ඉසුරු උදාන, ලසිත් මාලිංග, ණුවන් ප්‍රදීප්

Rate this item
(0 votes)