April 18, 2024

ශිකර් දවාන්ට සති 3ක් විවේකය අවශ්‍ය බවට වෛද්‍ය උපදෙස්

ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් දවාන්ට සති 3ක කාලයක් විවේක ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.

ඒ, ඔහු ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙනි.

නෙදන් කෝල්ටර් නීල් යොමු කළ පන්දුවක් අතෙහි වැදීමෙන් ශිකර් දවාන් මෙම ආබාධයට ලක් වුණේ පිතිකරණයේ නිරතව සිටින අතරතුරදී ය.

එම ඉනිමේ දී ඔහු ශතකයක් ද වාර්තා කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළේය.

කෙසේ වෙතත් ආබාධය හේතුවෙන් එම තරගයේදී පන්දු රැකීම සඳහා පිටියට පිවිසීමෙන් ශිකර් දවාන් වැළකී සිටියේය.

Rate this item
(1 Vote)