April 20, 2024

ශ්‍රී ලංකා - බංගලාදේශ තරඟය අතහැර දමයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද අතහැර දැමීමට සිදු විය.

ඒ, තරගය පැවැත්වෙන බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇඳ හැලීම හේතුවෙනි.

මෙරට වේලාවෙන් අද පස්වරු 3ට තරගය ආරම්භ වීමට නියමිතව තිබූ අතර වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට කාසියේ වාසිය උරගා බැලීමට නොහැකි විය.

ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම ක්‍රීඩාංගණයේ තත්ත්වය පරීක්ෂාකර බැලීමට නියමිතව තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් ඊට බාධා එල්ල විය.

තරගය නොපැවැත්වීම හේතුවෙන් දෙපිලටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවිය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 June 2019 19:16