April 19, 2024

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා ඇතිව තිබේ.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට විමසා බැලීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් එය කල්දමා ඇත.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ක්‍රිඩාංගණයේ තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙත්ත බ්‍රිස්ටල් වාර්තා සඳහන් කර සිටියේ එරට වේලාවෙන් පෙ.ව. 10.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30) වන විටත් ක්‍රීඩාංගණයට අවට ප්‍රදේශයට වර්ෂාව පතිතවෙමින් පවතින බවයි.

Rate this item
(0 votes)