April 25, 2024

දෝනිගේ අත්වැසුම් ගැන ICC ඉල්ලීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

ඉන්දිය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි මෙවර ලෝක කුසලාන තරගාවලයේදී කඩුලු රැකීම සඳහා භාවිත කරන අත්ආවරණ ඉවත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ඔහුගේ අත්ආවරණයන්හි ඉන්දීය යුද හමුදාවට සම්බන්ධ ලාංඡනයක් ඇතුළත්වීම හේතුවෙනි. කෙසේ වෙතත් මෙයට පිළිතුරු දී ඇති ඉන්දියාව අයි.සී.සී. ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ දෝනිගේ අත්ආවරණයන් හි ආගමික හෝ වාණිජ සළකුණක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඉන්දියාවෙ පිළිතුර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය කිසිවක් අද දහවල වන විටත් කිසිවක් ප්‍රකාශ කර නොතිබුණි.

ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ එහි රෙගුලාසි අනුව වාණිජ, ආගමික හෝ ආරක්ෂක ලාංඡන පැළඳිය නොහැකි බවයි.

Rate this item
(0 votes)