April 17, 2024

ලෝක කුසලානයට කුසල් සුදානම්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා මේ වන විට ලෝක කුසලාන තරගාවලියට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසයි.

පසුගියදා අවසන් වූ දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්විය.

ඒ අනුව ඔහුට තරගාවලිය අතරතුරදී ඉන් ඉවත් වීමට සිදුවූ අතර මේ වන විට ඔහු ලෝක කුසලාන තරඟාවලියට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවයි සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම එළඹෙන 18 වනදා සිදු කිරීමට නියමිතයි.

ලෝක කුසලාන සංචිතය නම් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ප්‍රකාශයට පත් කරන බව ද අසන්ත ද මෙල් මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)