April 20, 2024

ශ්‍රී ලංකාවේ තයිකොන්ඩෝ ක්‍රීඩාවට දකුණු කොරියානු සහාය 

දකුණු කොරියාව විසින් ශ්‍රී ලංකාවේ තයිකොන්ඩෝ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉදිරියටත් ලබා දෙන බව හිටපු ශ්‍රී ලංකා දකුණු කොරියානු තානාපති ජොන්ග්මුන් චෝයි මහතා පවසයි.

සිය නිල කාලය අවසන් වී මෙරටින් පිටත් වීමට පෙර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමූවූ අවස්ථාවේ දී හෙතෙම මේ බව පැවසීය.

මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා මෙරට තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් හිටපු තානාපතිවරයාට පරිනමා තිබේ.

 

Rate this item
(0 votes)