June 19, 2019

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා 20/20 සංචිතය නම් කෙරෙයි

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

ජෙෆ්රි  වැන්ඩර්සේ, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම කණ්ඩායමට කැඳවා තිබේ.

අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රියමාල් පෙරේරා සහ ඇන්ජලෝ පෙරේරා ද සංචිතයට නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය.

දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ද  සංචිතයට නම් කර නැත.

දෙරට අතර පන්දුවාර 20/20 තරගාවලිය ලබන 19 වනදා ආරම්භ වීමට නියමිතය.

Rate this item
(0 votes)