April 17, 2024

දිමුත්ට අනතුරක්...

February 02, 2019
  • බවුන්සර් පන්දුවක් හිසේ වදියි...
  • තත්ත්වය බරපතල නැහැ...

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේලියා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේ දෙවන දිනය වු අද සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පිටිය මැද නොසිතුවිරු අනතුරකට මුහුණ පෑවා.

ඔස්ටේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් විසින් ක්‍රියාත්මක කරන ලද 30 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුව පිතිකරණයේ නියලී සිටි දිමුත් කරුණාරත්නගේ හෙල්මටයේ පිටුපස ප්‍රදේශයෙන් හිසේ වැදීම නිසා දිමුත් බිම් ඇද වැටුනා.

පැ.කි 142ක වේගයෙන් එවන ලද මෙම බවුන්සර් පන්දුව දිමුත්ගේ හිසේ වැදීමත් සමග දිමුත් බිම ඇද වැටුණු අතර පසුව ප්‍රතිකාර සදහා දිමුත්ව පිටියෙන් ඉවත් කරගනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 February 2019 11:58