April 24, 2024

හතුරුගේ තටු කපයි...

  • තරඟාවලියක් සඳහා නම් කළ සංචිතයෙන්, තරඟයක් සඳහා ක්‍රීඩා කරන අවසන් 11 දෙනා තෝරා ගැනීමේ බලය ප්‍රධාන පුහුණුකරුගෙන් ඉවතට...

ක්‍රීකට් තරඟාවලියක් තුල නම් කළ සංචිතයකින්, තරඟයකට ක්‍රීඩා කරන අවස්න් 11 දෙනා තෝරා පත් කර ගැනීමේ බලය මෙතෙක් පැවතියේ කණ්ඩායම් නායක, කළමණාකරු සහ ප්‍රධාන පුහුනුකරු සතුවයි. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් සහ ක්‍රිකට් ආයතන නිසි බලධාරි චුලානන්ද පෙරේරා මහතාගේ අත්සනින් තේරිම් කමිටු සභාපතිවරයා වෙත ඊයේ නිකුත් කරනු ලැබු ලිපියකින් කණ්ඩායම තේරීමේ බලය ප්‍රධාන පුහුණුකරුගෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් තරඟාවලියක් අතරතුර තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලබන අවසන් 11 දෙනා තෝරාපත් කර ගැනීමේ බලය පැවරි ඇත්තේ කණ්ඩායම් නායකයා, කළමණාකරු සහ තේරීම් කමිටුවටයි. ප්‍රධාන පුහුණුකරුට කණ්ඩායම තේරීම සඳහා තම මතය පමණක් ඉදිරිපත් කළ හැකියි.

චම්දික හතුරුසිංහ මහතා ප්‍රදාන පුහුණුකරුවා ලෙස පත්වීමෙන් පසු තම තනි අභිමතය පරිදි පසුගිය සමයේ කණ්ඩායම තේරීම සහ එසේ කර තිබියදි පවා ක්‍රීකට් කණ්ඩායම දිගින් දිගටම තරග පරාජයට පත්වීම මෙම තීරණයට හේතු වු බවයි ක්‍රීකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වල සදහන් වන්නේ. 

Rate this item
(0 votes)