March 28, 2024

කෙවින් පීටර්සන් නැවත පිටියට  

හිටපු එංගලන්ත සුපිරි පිතිකරු කෙවින් පීටර්සන්ට ක්‍රිකට් දිවියේ නැවතත් සිය දක්ෂතා එළි දැක්වීමේ අවස්ථාවක් සැළසී ඇතැයි වාර්තා වේ.

අළුබඳුන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරු ව ඔහු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

ඔහු මෙවර අයිපීඑල් තරගාවලියේ දී දිල්ලි ඩෙයාඩෙවිල් කණ්ඩායම වෙනුවෙන් ද එළැඹෙන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දී සරේ ප්‍රාන්ත වෙනුවෙන් ද ක්‍රීඩා කරමින් නැවත සිය දක්ෂතා පෙන්වීමට හැකි බව සිය සහෝදර ක්‍රීඩකයෝ පෙන්වා දෙති.

පීටර්සන් වැනි ක්‍රීඩකයෙක් සරේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යක් ඉටු කළ හැකි බව එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඇලෙක්ස් ස්ටුවර්ඩ්ස් සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)