April 24, 2024

තර්ස්ටන් ඉසිපතන ක්‍රිකට් සටන අප්‍රේල් 04 වැනි දා 

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 51 වැනි වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අප්‍රේල් මස 04 වැනි දා සහ 05 වැනි දා කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

ඊට සමඟාමී ව 34 වැනි වරට වාර්ෂික ව පැවැත්වෙන එක්දින තරගය අප්‍රේල් 06 වැනි දා පී සාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත් වේ.

කවිඳු කුලසේකර තර්ස්ටන් විදුහලේ කණ්ඩායම මෙහෙයවන අතර කමින්ද ධනංජය ඉසිපතන විදුහලේ කණ්ඩායම මෙහෙයවයි.

Rate this item
(0 votes)