April 20, 2024

ඉන්දියාවට වාර්තා ගත ජයක්

December 10, 2018

සත්කාරක ඔස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේදී පරාජය කරමින් වසර 10කට පසුව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරිමට ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අද (10දා) සමත්විය.

ඒ ඇඩිලේඩ්හි අද නිමාවූ පළමු ටෙස්ට් තරගයේ ලකුණු 31ක ජයක් වාර්තා කරමිනි. ලකුණු 323ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 291ක් පමණි.

මෙම තරගාවලිය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති අතර විස්තර විචාරකයන් පවසන්නේ ඉන්දීය නායක විරාත් කෝලිගේ නායකත්වය පිළිබඳව පවත්වන පරීක්ෂණයක් ලෙස මෙම තරගාවලිය හැඳින්විය හැකි බවයි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 250ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 235ක් පමණි.

නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය  කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 307ක් රැස්කළ අතර ඒ අනුව ඔස්ට්‍රේලියාවට ලකුණු 323ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. නමුත් ඔවුන්ට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 291ක් පමණි.

තරගයේ විරයා ලෙස ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ චෙටෙස්වාර් පුජාරාට (123/71) හිමිවිය.

Rate this item
(0 votes)