March 29, 2024

2019 ක්‍රිකට් ලෝක කුසලානය ජනපති මෛත්‍රී අතට

September 22, 2018

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ගෙන රැගෙන යන සංචාරයේ සිව්වන අදියර යටතේ එය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙන අතර, කුසලානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීම ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුකෙරිණි.

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් ක්‍රිකට් ලෝක කුසලානය ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙම අවස්ථාවට ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනා සහ 1996 ලෝක කුසලානය වෙනුවෙන් තරගකළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන රොෂාන් මහානාම සහ රොමේෂ් කලුවිතාරණ ඇතුඑ ක්‍රිඩකයන් ද එක්ව සිටියහ.

මෙම අවස්ථාවට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, හිටපු ක්‍රීඩා අමාත්‍ය පා.ම දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Rate this item
(0 votes)