April 25, 2024

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 287යි

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කල දකුණු අප්‍රිකාව දිනය අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 4 ක් ලබා සිටියි.

ඒඩ්න් මැක්රම් කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර කේශව් මහාරාජ් සහ ඩීන් එල්ගාර් පන්දුවට පහරදෙමින් සිටියි.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු සංඛ්‍යාව 287 ක් ලබාගත්තේය.

සිය 8 වන ටෙස්ට් ශතකය ද වාර්තා කළ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158 ක් ලබා ගත් අතර ලක්ෂාන් සඳකැන් ලකුණු 25ක් හිමි කර ගැනීමට සමත්විය.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 26 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 24 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 11 ක් රැස් කළේය.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කල දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 1 ක් ලබා සිටී.

Rate this item
(0 votes)