March 29, 2024

නායකත්වය සුරංග ලක්මාල්ට - පුහුණුකාරිත්වය තිලාන්ට

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් පැනවිම හේතුවෙන් දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම සමඟ ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ නායකත්වය සුරංග ලක්මාල්ට හිමිව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද ආරම්භ වූ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිව තිබේ.

ඒ නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ ස්වෙච්ඡාවෙන්ම මෙම ටෙස්ට් තරග දෙක සඳහා ක්‍රීඩා නොකිරීමට තීරණය කිරීමත් සමගිනි.

ඔවුන් එරෙහිව පැනවීමට නියමිත තරග තහනමට අදාළව ඔවුන් ටෙස්ට් තරගාවලියට ක්‍රිඩා නොකරයි.

මේ අතර චන්දික හතුරුසිංහ වෙනුවට තාවකාලික පුහුණුකරු වශයෙන් තිලාන් සමරවිර පත්කිරීමටත් ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Rate this item
(0 votes)