April 25, 2024

අරුණ සහ අමාෂා ලෝක කනිෂ්ඨ තරගාවලියයේ අවසන් පූර්ව වටයට

ෆින්ලන්තයේ ටැම්පර් නුවර පැවැත්වෙන ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියයේ ඊයේ (11) පැවැති බාලක මීටර 400 ඉසව්වෙන් හා කාන්තා මීටර 100 ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ අර්ණ දර්ශන හා අමාෂා ද සිල්වා සමත් වූහ.

මෙහිදී මීටර 400 තරගය සහභාගි වූ අරුණ දර්ශන එහි පළමුවැනියා ලෙස තරගය අවසන් කළේය. අරුණ වාර්තා කළ කාලය අවසන් පූර්ව වටයට සිදුසුකම් ලබාගත් ක්‍රීඩකයන් 24 දෙනා අතරින් 06 වැනි ස්ථානය වෙයි. ඒ අනුව ඔහු අද (12) අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.

තරගය අවසන් කිරීම සඳහා අරුණ තත්. 46.81ක කාලයක් වාර්තා කළේය.

ඊයේ පැවැති මීටර 100 කාන්තා මූලික තරගයට සහභාගි වූ අමාෂා ද සිල්වා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ තත්. 11.75කින් තරගය අවසන් කරමිනි. මූලික වටයේදී ඇයට 05 වැනි ස්ථානය හිමිවුවත්, ඇය වාර්තාකළ කාලය අනුව ඊළඟ වටයට සුදුසුකම් ලබාගැනීමට ඇයට අවස්ථාව උදාවිය.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් 24 දෙනෙකු අතරින් අමාෂා 19 වැනි ස්ථානයේ රැඳී සිටියි. මෙම ඉසව්වේද අවසන් පූර්ව වටයේ තරග අද පැවැත්වෙයි.

දකුණු ආසියාවේ සිටින වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩිකාව මෙන්ම ආසියාවේ දැනට සිටින දෙවැනි වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩිකාව අමාෂා වෙයි. මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන අමාෂා, ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 ඉසව්ව තත්. 11.71කින් අවසන් කර රිදී පදක්කම දිනාගැනීමට සමත් විය.

Rate this item
(0 votes)