April 20, 2024

ඉන්දියාවට එරෙහිව කුසල් තැබූ විස්සයි20 වර්තාවක් බිද වැටෙයි

February 22, 2018

සංචාරක ඉන්දියානු කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූ අතර එම ජයත් සමග තරග 3 කින් සමන්විත වන එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කර ගැනීමටද දකුණු අප්‍රිකාවට හැකි විය.

කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම තම පන්දුවාර 20 තුල ලකුණු 188/4 ලබාගත් අතර ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් මැද පෙළ පිතිකරු මනීෂ් පාණ්ඬේ (නොදැවී 79) සමත් විය. පන්දු 48 කට මුහුණදුන් පාණ්ඬේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම අලංකාර කළේය.

මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 52) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද පාණ්ඬේ සමත් විය. පන්දු 28 කදී වාර්තා වූ දෝනිගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක්ද, සුරේෂ් රයිනා පන්දු 24 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 30 ක්ද රැස්කරමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් විය. ෆර්හාන් බෙහාර්ඩීන් (නොදැවී 16) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ජේ.පී. ඩුමිනි දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

හෙන්රික් ක්ලාසෙන් (69) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද ඩුමිනි සමත් විය. පන්දු 40 කදී වාර්තා වූ ඩුමිනිගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 30 කදී වාර්තා වූ ක්ලාසේන්ගේ ඉනිම හයේ පහර 7 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

ලාසෙන් එල්ල කල මෙම ඉනිමේ යුෂ්වෙන්ද‍්‍රන් චහාල්ගේ පන්දු 12කදී ලකුණු 41ක් රැස් කළ ලාසෙන් විස්සයි 20 තරගයකදී ඉන්දියානු පන්දුයවන්නකුට එරෙහිව වැඩිම ලකුණු රැස්කළ පිතිකරු ලෙසද වාර්තා අතරට එක්විය.මීට පෙර එම වාර්තාව කුල්දීප් යාදව් ට එරෙහිව පන්දු 14කදී ලකුණු 38ක් රැස් කළ කුසල් ජනිත්ට හිමිව තිබුණි.තරඟයේ වීරයා සම්මානයද ක්ලාසෙන්ට හිමි විය.

ඉන්දීය පිල – ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 188

(ශිකර් ධවාන් 24, සුරේෂ් රයිනා 30, මනීෂ් පාණ්ඬේ නොදැවී 79, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 52, ජූනියර් ඩෙලා 28/2)

දකුණු අප්‍රිකානු පිල – ඕවර 18.4 කදී කඩුලු 4 ක් දැවී 189
(රීසා හෙන්ඩ්‍රික්ස් 26, ජේ.පී. ඩුමිනි නොදැවී 64, හෙන්රික් ක්ලාසීන් 69, ෆර්හාන් බෙහාර්ඩීන් නොදැවී 16, ජයදේව් උනාඞ්කට් 42/2)

Rate this item
(0 votes)