April 19, 2024

'අසේල'ට නිදහස් කුසලාන තරගාවලිය අහිමි වෙයි

February 21, 2018

බංගලාදේශය - ඉන්දියාව - ශ‍්‍රී ලංකාව අතර මාර්තු මාසයේ පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්නගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වෙයි

නිමාවුණු බංගලාදේශ විස්සයි විස්ස තරගාවලියට පෙර පැවැති පුහුණුවීම් වලදී අසේල උරහිසේ අබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් අසේලට බංගලාදේශය සමග පැවැති විස්සිය විස්ස තරගාවලියද අහිමිවිය

මීට පෙර ඉන්දියාව සමග ලංකාවේදි පැවැති ටෙස්ට් තරගාවලියේදි අසේල අබාධයකට ලක්වූ අතර ඔහු නැවත ක‍්‍රිකට් පිටියට පැමිණියේ මාස 05කින් පසුවයි.

මේ අතර බංගලාදේශ තරගාවලියේ දෙවැනි තරගයේ අබාධයට ලක්වූ ශෙහාන් මධුෂංකටද නිදහස් කුසලාන තරගාවලිය අහිමි වී ඇත

මීට අමතරව අබාධයන්ට ලක්ව සිටි නායක ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා,දුෂ්මන්ත චමීර හා නුවන් ප‍්‍රදීප් සදුදා දිනයේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂන සදහා සහභාගී වන බවත් වාර්තා වෙයි.

නිදහස් කුසලාන තරගාවලිය මාර්තු මස 06 වැනිදා ආරම්භ වන අතර පළමු තරගය ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර ආර්.පේ‍්‍රමදාස පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

Rate this item
(1 Vote)