April 24, 2024

බස්නාහිර පළාත් චෙස් තරග අප්‍රේල් මාසයේ

කඩුවෙල නයිට් එරන්ස් චෙස් පාසල මගින් සිව් වැනි වරට පවත්වන බස්නාහිර පළාත් චෙස් තරගාවලිය අප්‍රේල් 05 වැනි දා පෙරවරු 08.00 ට මාලබේ, පිට්ටුගල යශෝධරා මහා විද්‍යාලයේ දී පැවැත් වේ.

ඒ අනුව අප්‍රේල් 04 වැනි දා පස්වරු 02.30 සිට පස්වරු 06.00 දක්වා කාලය අතරතුර යශෝධරා මහා විද්‍යාලයේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචි විය යුතු ය.

අවුරුදු 07, 09, 11, 13 සහ 15 න් පහළ යන වයස් ඛාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර ප්‍රථම ස්ථානයේ සිට 08 වැනි ස්ථානය දක්වා සහතික පත්‍රයක් සමග පදක්කම් පිරිනැමේ.

Rate this item
(0 votes)