April 25, 2024

නිදහස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්..හතුරු ඉඟි කරයි…

February 20, 2018

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලැබු තරගාවලි ජයග‍්‍රහණය තම දක්ෂතාවයට වඩා කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතාව නිසා ලැබුණු ජයක් බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

තරගාවලියෙන් පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණි අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව පැවසීය

පළමු තරග දෙක පරාජය වුනාට අපි දැනගෙන හිටියා අපිට හැකියාව තියනවා ආයෙත් දස්කම් අතර එන්න පුලුවන් කියලා..ප‍්‍රතිවාදීන් එම තරග දෙක හොදට සෙල්ලම් කළා.අපිට එහෙ තත්වෙය හුරුවෙන්න ටික වෙලාවක් ගියා..ඊට පස්සේ අපි ඉතිරි තරග ජයග‍්‍රහණය කලා..

ඉදිරියේදී ආරම්භ වන නිදහස් කුසලානයේ තරග සැලසුම් හා කුසල් ජනිත් පෙරේරා කන්ඩායම පැමිණියොත් කන්ඩායමේ කුමන් වෙනසක් සිදුවන්නනේද යන්න පිළිබදවද හතුරුසිිංහ මෙහෙදි අදහස් පළකර සිටියා.

'මේ කණ්ඩායම ම සහභාගි වෙනව කියලා කියන්න බෑ.ඉදිරියේ දී පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියට අපි සංචිතය තෝරා ගන්නේ අදාළ තණතීරු, ප්‍රතිවාදී කණ්ඩායමේ ස්වභාවය හා ඒ ඒ තරගය පවතින අවස්ථාව අනුවයි. මේ තරගාවලියේ දී නම් මම මේ ගොල්ලන්ගේ දක්ෂතාවලට වඩා මානසිකත්වය වර්ධනය කරපු එක තමයි ගොඩක්ම කළේ.'

අපි ක‍්‍රීඩකයින්ට හොද පරිසරයක් හදල දුන්නා දස්කම් දක්වන්න..මගෙත් එක්ක ඉන්න කාර්යමණ්ඩලය ඒ අයට ගොඩක් උදව් කළා.ක‍්‍රිඩකයින් එක්ක ගොඩක් කතා කළා..ඒක තමයි ගොඩක්ම හේතු වුනේ කණ්ඩායම දස්කම් දක්වන්න.

එසේම පසුගිය තරගාවලි කිහිපයක දී විටින්විට සාර්ථක වූ තිසර පෙරේරා මේ තරගාවලිය පුරාවටම දස්කම් අතරට පැමිණීම සම්බන්ධවත් හතුරුසිංහ මහතා මෙහි දී අදහස් දක්වන ලදි.

“මේ කණ්ඩායමේ හැමෝම දස්කම් අතරට පිවිසුණා. ඒ වගේම කියන්න ඕන තිසර පෙරේරා ගැන ඔහුගේ යම් සුළු වෙනස්කම් කිහිපයක් මම නිවැරදි කර දුන්නා. පසුව ඔහු ඒ දේවල් නිවැරදි ලෙසින් භාවිතයට ගෙන දස්කම් අතරට පිවිසියා.”

Rate this item
(2 votes)