March 29, 2024

අලුත් අය ගැන කියමින් ‘මහමදුල්ලා’ ශ‍්‍රී ලංකා පිළට අභියෝග කරයි ..

February 15, 2018

අද ඇරඹෙන විස්සයි විස්ස තරගාවලිය ශ‍්‍රී ලංකාවට එරෙහිව ශක්තිය පෙන්වීමට හොද අවස්තාවක් බව බංගලාදේශ කණ්ඩායමේ නායක රියාද් මහමදුල්ලා පවසනවා.

තරඟය ගැන අදහස් දක්වන මහමදුල්ලා පවසන්නේ T20 තරඟ රටාව වෙනස්ම එකක් වන නිසා පසුගිය තරඟ වල පරාජයන් මෙම තරඟයට බලනොපාන බවය.

”මෙතන තියෙන්නේ වෙනම තරඟ රටාවක්,ටෙස්ට් එක්දින පරාජයන් දැන් ඉවරයි අපි ඒ දේවල් අමතක කරන්න පුළුවන් මේ තරඟාවලියට හොඳට ක්‍රීඩා කලොත්,අලුතෙන් ක්‍රීඩකයෝ ඇවිත් තියනවා.ඉතින් මම ලොකු විශ්වාසයකින් ඉන්නේ ඒ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන.ඒ වගේම අපි ශ්‍රේණිගත කිරීම් වල පහල හිටියට අපි ඇත්තටම ඉන්නේ කොතනද කියල ලෝකයට පෙන්නන්න පුළුවන් මේ තරඟාවලියේ ජයග්‍රහණය එක්ක.”

පසුගිය වසර තුනකදී වගේ අපි බංගලාදේශයේදී හොඳටම කරලා තියනවා,අවාසනාවකට වගේ මේ තරඟාවලියේ අපි ලංකාව ඉස්සරහ පසුබැහැල තියනවා,මේ තරඟ දෙක අපිට හොඳ අවස්තාවක් නැවත හිටපු තැනට එන්න.”

බංගලාදේශ කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රිඩකයකු වන සකීබ් අල් හසන්ට අබාධයක් නිසා තරගාවලිය අහිමි වී තිබෙන අතර සංචිතය සදහා නවක ක‍්‍රිඩකයින් 06දෙනෙකු කැදවා ඇත.මහමදුල්ලා පවසන්නේ ඔවුන් සියලු දෙනාම ජාතික කන්ඩායමට සුදුසු ක‍්‍රිඩකයින් බවයි.

”ඔවුන් සියලු දෙනාම ජාතික කණ්ඩායමට සුදුසු ක‍්‍රිඩකයින්..සියලු දෙනාම පසුගිය බී.පී.එල් තරගාවලියේදී දස්කම් දැක්වූ ක‍්‍රීඩකයින්..මම විශ්වාස කරනව ඒ දස්කම් ජාත්‍යන්තර තරගවලදිත් පෙන්වන්න පුලුවන් වෙයි කියලා..ඔවුන් හොදට ක‍්‍රිඩා කළොත් අනිවාර්්‍යයෙන්ම ඔවුන්ගේ අනාගතයට ගොඩක් හොද අවස්ථාවක් වෙයි..අපිට 2020 ලෝක කුසලානය තියනවා..ඒක නිසා අලුත් අයට එම තරගාවලියට මේ තරගාවලිය ලොකු අවස්ථාවක් වේවි..’ යැයි මහමදුල්ලා පැවසීය.

Rate this item
(0 votes)