April 24, 2024

තාරුණයට අතදීම අපේ බලාපොරොත්තුවයි -ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති 

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සැඟ වී සිටින ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම දිරිය තාරුණ්‍යට සවියක් වැඩසටහනේ අරමුණ බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති චමින්ද අතුළුවගේ මහතා පැවසුවේ ය.

ඔහු මේ බව පැවසුවේ අදාළ වැඩසටහන සම්බන්ධයෙන් ඒෂියන් මිරර් වේබ් අඩවියට අදහස් දක්වමිනි.

*ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දිරිය තාරුණ්‍යට සවියක් වැනි වැඩසටහනක් ආරම්භ කිරීමට හේතුව කුමක් ද?

විශේෂ හැකියාවන් තිබෙන තරුණයින් බොහොමයක් ලංකාවේ ඉන්නවා. ඒත් ඔවුන්ට ලංකාවේ පවතින ආර්ථිකය සහ සම්පත් හීනතාවය හේතුවෙන් ඉදිරියට ඒමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. ඒ හින්දා අද සමාජයේ තරුණයින් විශාල පිරිසක් තමන්ට ඇති හැකියාවන් බලෙන් ම අත්හිටුවනවා.  එවැනි තරුණයින් හට තමයි දිරිය තාරුණ්‍යට සවියක් වැඩසටහන විවෘත වෙලා තිබෙන්නෙ.

*දිරිය තාරුණ්‍යට සවියක් වැඩසටහන යටතේ සිදුකර ඇති මෙහෙවර පිළිබඳ සඳහන් කළොත් ?

මෙම වැඩසටහන යටතේ 2013 වර්ෂයේ දී විශේෂ දක්ෂතාවයන් ඇති තරුණයින් 50 දෙනෙකු සඳහා අනුග්‍රහය දක්වලා තිබෙනවා. එමෙන් ම 2014 වර්ෂයේ දී මිලියන 19.16 මුදලක් තරුණ තරුණියන් 50 දෙදෙනෙකු යටතේ බෙදා හැරීමට නියමිතයි.

*තරුණ තරුණියන්ට අනුග්‍රහය දැක්වීමේ දී සැළකිළිමත්වන කරුණු මොණවා ද?

හැකියාවන් ඇති ඕනෑ ම තරුණයෙකුට හෝ තරුණියකට දිරිය තාරුණ්‍යට සවියක් වැඩසටහන යටතේ අනුග්‍රහය දැක්වනවා. මුළු දිවයිනම ආවරණයවන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. නමුත් ග්‍රාමීය තරුණ තරුණියන් පිළිබඳ මෙහි දී වැඩි සැලකිල්ලක් දක්වනවා.

*මෙම වැඩසටහන සඳහා මේ වනවිට මාධ්‍ය ප්‍රචාරක් ලබා දී තිබෙනව ද?

ඔව්.මෙම ක්‍රීඩා වැඩසටහන සඳහා පූර්ණ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ සීඑස්එන් නාලිකාවයි. එහි දී දිනපතා මිනිත්තු 05 ක වැඩසටහනක් විකාශය වෙනවා. මේ හේතුවෙන් දිරිය තාරුණ්‍යට සවියක් වැඩසටහන සඳහා බොහෝ ප්‍රතිචාර ලැබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 26 March 2014 10:08