April 18, 2024

'තණතිල්ල හොද නැත්තම් රොශේන් කොහොමද ගහන්නේ'..බංගලාදේශ ක‍්‍රිකට් අවුලෙන් අවුලට..තවත් ප්‍රබලයෙකු සමුගන්නට සැරසේ…

February 14, 2018

බංගලාදේශ ක්‍රිකට් වසන්තය නිමාවී ඇති බවට වන සිදුවීම අපට අසන්නට ලැබුනේ චන්දික හතුරුසිංහගේ සමුගැනීමත් සමඟිනි.පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීරද බංගලාදේශ කණ්ඩායම සමඟ තිබු බැඳීම අත්හැරිය අතර පුහුණුකරුවන්ගේ මෙම පිටුපෑම සමඟ බංගලාදේශයේ ක්‍රිකට් වගකීම බාර ගත්තේ බංගලාදේශ කණ්ඩායම කලක් නියෝජනය කරමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දස්කම් පෙන්වූ කාලීඩ් මහමුඩ්ය.

චන්දිකගේ සමු ගැනීම සමඟ ක්‍රීඩකයන් පැවසුවේ කාලීඩ් සිටීම නිසා තමන්ට පාඩුවක් නොදැනෙන බවත් ඔහු සියල්ල පිළිබඳව සොයා බලා අවශ්‍ය දේ සිදු කරන බවය.බංගලාදේශයේ තාක්ෂණික අද්‍යක්ෂ වරයා ලෙසින් සිටි කාලීඩ් චන්දිකගේ සමු ගැනීම සමඟ පුහුණු වීම් කෙරෙහිද දැඩි අවධානයක් යොමු කල බව වාර්තා වූ අතර තුන්කොන් තරඟාවලියට බංගලාදේශ කණ්ඩායම සුදානම් කිරීමද සිදු වුයේ කාලීඩ් ගේ අධීක්ෂණය යටතේය.

මෙලෙස බංගලාදේශයේ ක්‍රිකට් වෙනුවෙන් දරදිය ඇද්ද චරිතයක් වන කාලීඩ් මහමුඩ්ටද බංගලාදේශයේ ක්‍රිකට් එපාවී ඇති බව පසුගියදා විදෙස් මාද්‍යයකට ඔහු කල ප්‍රකාශයකින් පැහැදිලි වේ.”මම තව දුරටත් බංගලාදේශයේ ක්‍රිකට් වෙනුවෙන් මහන්සි වෙන්න බලාපොරොත්තුවක් නෑ.මම මගේ කාලයම කැප කලේ බංගලාදේශයේ ක්‍රිකට් හදන්න ,හැබැයි ඒ කිසිම දෙයක් මම කලේ මගේ වාසිය බලාගෙන නෙවෙයි,හැබැයි මට පෙන්නේ ඒ කල මහන්සිය කැප කිරීම වැඩක් නෑ වගේ.දැන් තියන පරිසරය හරිම අවුල් වෙලා තියෙන්නේ මම කැමති නෑ මේ ක්‍රමයක.”

තවමත් හරි හමන් පුහුණුකරුවෙකු නැති බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවට පුහුණුකරුවකු සොයාගන්නට තිබෙන වැඩ පිලිවල ගැනද කාලීඩ්ගේ පැහැදීමක් නැති අතර ඔහු පවසන්නේ නිදහස් කුසලානයට යනවාද නැද්ද යන්න පිළිබඳවද සැලසුමක් නැති බවය.”එළඹෙන නිදහස් කුසලානය ගැන හිතල නෑ තවම,යනවද නැද්ද කියලවත් තීරණයක් නෑ වගේ,මෙහෙම කොහොමද ක්‍රිකට් දිනන්නේ.සැලසුමක් නැති එක තමයි ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ.”

දෙවන ටෙස්ට් තරඟය පරාජය වූ තණතිල්ලේ වරදක් නැති බවද ඕනෑම තණතිල්ලක් තුල ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් දක්ෂ විය යුතු බවද මහමුද් පවසා ඇත.”මම නම් ඒ පරාජයට සමාවක් දෙන්නේ නෑ.තණතිල්ල දඟ කැවෙනවා,බෝලේ උඩ එනවා කියල තරඟ පරාද වෙන්න බෑ,ඕනෑම තණතිල්ලක සෙල්ලම් කරන්න ක්‍රීඩකයෝ දක්ෂ වෙන්න ඕන.තණතිල්ල හොඳ නැත්නම් කොහොමද රොෂේන් අර වගේ ඉනිම් ක්‍රීඩා කරන්නේ,ඔහු බංගලාදේශයේ ක්‍රීඩා කරපු දෙවැනි තරඟය ,ඒක තමයි දක්ෂතාවය කියන්නේ ,දක්ෂයට කොහෙත් එකයි ,අපි පැරදුනාම නිකන් කථා කියල වැඩක් නෑ.”

මේ ආකාරයේ බංගලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතුලත ගිනි පසුගිය කාලයේ සිටම තිබෙන්නට ඇති අතර චන්දිකගේ සමුගැනීමටද මේ හේතු බොහෝ විට බලපෑමක් වන්නටද ඇත.

Rate this item
(0 votes)