April 20, 2024

විස්සයි විස්ස තරගාවලියෙන් කුසල් ජනිත් ඉවතට..

February 13, 2018

බංගලාදේශ කණ්ඩායම එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයට නම් කළ 15දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ආරම්භක ප්‍රහාරක පිතිකරු කුසල් පෙරේරා වෛද්‍ය උපදෙස් හේතුවෙන් ඉවත් කර තිබෙනවා.

ඊට හේතුව ලෙස වාර්තා වන්නේ කුසල් පෙරේරාගේ අබාධ තත්වය පූර්ණවශයෙන් සුව නොවීමයි.බංග්ලාදේශයේ පැවති එක්දින තුන්කොන් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ ජනිත් හට නැවතත් යථා තත්ත්වයට පැමිණීමට වෛද්‍ය උපදෙස් අනුව තවත් යම් කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇත.

තුන්කොන් තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරගයේදී කුසල් ජනිත් අබාධයට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට තුන්කොන් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමිවිය.

ඒ හේතුවෙන් කුසල් පෙරේරා ඊයේ බංගලාදේශට බලා පිටත් නොවුණු අතර කුසල් ජනිත් වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායම ඇතුළත් කරන බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

Rate this item
(0 votes)