April 24, 2024

ලෝකයක් පුදුමකරමින් සිම්බාබ්වේ ඇෆ්ගනිස්ථානයෙන් පළිගත් අපුරු විදිය

February 13, 2018

මේ දිනවල සිම්බාබ්වේ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර ක්‍රිකට් තරඟාවලියක් සාජා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.තරඟාවලියේ පැවති T20 තරඟ දෙකම ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වූ අතර පළමු එක්දින තරඟයද ජයගන්නට ඇෆ්ගනිස්ථානය සමත් විය.තරඟාවලිය එක්දින තරඟ පහකින් යුක්ත වන අතර දෙවන එක්දින තරඟය ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර එක්දින තරඟාවලියේ පැවති තරඟ දෙක ගැන මේ දිනවල ක්‍රිකට් ලෝකයම කතා කරන්නේ ඒ තරඟ දෙකේ ඇති අපුරු සමානකම නිසාය.

පළමු තරඟයේ කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් තම පන්දුවාර 50 තුල 333/5 ලබා ගන්නට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 179 ක් පමණක් වන අතර ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 154ක පරාජයක් මේ තරඟයේදී හිමි විය.

ඊට දින දෙකකට පමණ පසුව සාජා ක්‍රීඩාංගණයේදීම දෙරට හමුවූ අතර ඒ අවස්ථාවේ කාසිය සිම්බාබ්වේ කණ්ඩායම දිනාගත් අතර තරඟයේ පළමුව පන්දුවට පහර දෙන්නට ඔවුන් තීරණය කර තම පන්දුවාර 50 තුල ලකුණු 333/5 කට ලබා ගන්නට සමත් විය.ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලබාගැනීමට හැකි වුයේ සියලුදෙනා දැවී ලකුණු 179ක් පමණක් වූ අතර තරඟයෙන් ලකුණු 154ක ජයක් සිම්බාබ්වේ කණ්ඩායමට හිමි විය.

මේ තරඟයේ ලබාගත් ලකුණු සංක්‍යාවන් බලන විට තරඟ දෙක හරි අපුරු සම්භන්දතාවයක් පෙන්වන අතර පළමු තරඟයේ ඇෆ්ගනිතානය ලකුණු 333/5 ලබා ගැනීමත් දෙවන තරඟයේ සිම්බාබ්වේ ලකුණු 333/5 කට ලබා ගැනීමත් ,පළමු තරඟයේ සිම්බාබ්වේ ලකුණු 179 කට දැවී යාමත් දෙවන තරඟයේ ඇෆ්ගනිස්ථානය ලකුණු 179ක ට දැවී යාමත් හරි අපුරු සිදුවීමකි.

ඒ අනුව එකට එක කරනවා යන්න ඒ අකාරයෙන්ම කල සිම්බාබ්වේ කණ්ඩායම පළමු තරඟයේ තම කණ්ඩායම ලකුණු 154 කින් පරාජය කල ඇෆ්ගනිස්ථානය දෙවන තරඟයේ පරාජය කලේ ලකුණු 154 කිනි.

Rate this item
(1 Vote)