April 19, 2024

රංගන වමතින් එක වෙයි..සිංහ පිළට පහසු ජයක්(UPDATE)

February 10, 2018

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේහ කණ්ඩායම අතර ඩකාහි මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 215කින් ජයගැනීමට ශ‍්‍රි ලංකා කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 123ක් පමනි.

බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොමිනුල් හක් ලකුණු 33ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 25ක් රැස් කළේය.අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට නොදුන් ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ තේ පානයට පෙරම බංගලාදේශ ඉනිම නිමාවට පත් කළේය.

පන්දු යැවිමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 24කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් වූ අතර රංගන හේරත් කඩුලු 04ක් දවාගැනීමට සමත් විය.මංගල තරගයේදී ටෙස්ට් කඩුලු 05ක් දවා ගත් දෙවැනි ශ‍්‍රි ලංකා පන්දු යවන්නා ලෙසද අකිල වාර්තා අතරට එක් වූ අතර රංගන හේරත් වැඩිම ටෙස්ට් කඩුලු ලාභි වමත් පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්විය.මීට පෙර කඩුලු 414ක් ලබාගත් වසීම් අක‍්‍රම එම වාර්තාවට හිමිකම් කීය.

ඊයේ දිනයේ තරගය නතර කරන විට කඩුලු 08කට ලකුණු 200ක් ලබා සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ රැස් කර ගත හැකි වුයේ ලකුණු 26ක් පමනි.

සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් රොශෙන් සිල්වා පිටි පිට ලකුණු 50 සීමාව පසුකල සිව්වැනි අවස්ථාව සටහන් කරගනිමින් එක් අන්තයක නොදැවී ලකුණු 78ක් ලබා ගැනීමට සමත් විය.

රොශෙන් මේ වන විට ඉනිම් 05කදී ලකුණු 309ක් ලබා පිතිකරණ සාමාන්‍ය 103ක් වශයෙන් පවත්වාගෙන යන අතර එය දෙවැනි හොදම ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය ලෙසද වාර්තා අතරට එක්විය.

සුරංග ලක්මාල් සමග එක්වෙමින් 09 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සම්බන්ධතාවක් පැවැත්වූ රොෂේන්ගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් විය.

සුරංග ලක්මාල් හා රංගන හේරත් පිට පිට පන්දු දෙකකදි දැවී යාම හේතුවෙන් ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුනු 226කට සීමා විය.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 222ක් රැුස කළේය.එහිදී ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 68ක් රැස් කළ අතර රොශෙන් සිල්වා ලකුනු 56ක් රැුස් කළේය.

බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවි ලබාගත්තේ ලකුනු 110ක් පමණි.

ඒ අනූව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Rate this item
(0 votes)