April 24, 2024

හොංකොං වලදී සංගා පළමු තරගයෙන් පරදියි

February 08, 2018

හොංකොං හිදී පැවැත්වෙන T 20 තරඟාවලියේ තෙවන තරඟය ලෙස පැවති කොවුලුන් කන්ටුන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර නායකත්වය දරන ගැලැක්සි ග්ලදියේටර් කණ්ඩායම අතර තරඟයේ ජය ලබා ගැනීමට කොවුලුන් කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට සංගක්කාර සමත් වූ අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දීමට සංගක්කාර තීරණය කල අතර ඔවුන් තම පන්දුවාර 20 තුල ලකුණු 158 කට සියලු දෙනා දැවී ගිය අතර කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වුයේ වකාස් ඛාන් වන අතර ඔහු ලකුණු 44 ක් ලබා ගනිද්දී ස්මිත් පටෙල් ලකුණු 41 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ජේම්ස් ෆරාන්ක්ලීන් කඩුලු 3ක් බිඳ දමද්දී ඉම්රාන් අසීෆ් සහ අර්ශාඩ් මොහොමඩ් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

ලකුණු 159 ක ඉලක්කය හඹා යාමට පැමිණි ගැලැක්සි කණ්ඩායමට සාර්ථක වීමට වහාබ් රියාස් ප්‍රමුක කොවුලූන් කණ්ඩායම ඉඩ නොතැබූ අතර ඇන්ටන් ඩවරිච් ලකුණු 26ක් සහ මුනීර් ඩාර් ලකුණු 28ක් ලබා ගත්තද එය ගැලැක්සි කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවිණි,මෙම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන සංගක්කාරට තරඟයේදී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 14 ක් පමණක් වූ අත‍ර ස්මිත් පටෙල්ගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් ලබා දී සංගා දැවී යන විට ඔහු පන්දු 16 කට මුහුණ දී එක හයේ පහරක් එල්ල කර තිබිණි.

පන්දු යැවීමේදී සුපිරි දක්ෂතා පෙන්නුම්කල පාකිස්ථාන ක්‍රීඩක වහාබ් රියාස් කඩුලු 4ක් බිඳ දැම්මේ ලකුණු 14ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.පන්දුවාර 19 ක් අවසානයේ ග්ලාදියෙටර්ස් කණ්ඩායම ලකුණු 127 කට දැවී යාම සමඟ කෞලූන් කණ්ඩායමට ලකුණු 31 ක ජයක් මෙම තරඟයේදී හිමි විය.

Rate this item
(1 Vote)