March 29, 2024

කලගුණ සලකමින් උසස්වීමක් සහිතව මාලිංග මුම්බායි පිළට..

February 08, 2018

පසුගියදා නිමාවට පත්වූ 2018 අයි.පී.එල් තරගාවලියේ ක‍්‍රිඩක වෙන්දේසියේදී කිසිම කණ්ඩායමක් මිලදී නොගත් ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක‍්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක ලෙස පත්කර තිබෙයි.

2008 වර්ෂයේ ආරම්භක අයි.පී.එල් තරගාවලිය හැරුණුකොට 2017 වර්ෂය වන තෙක්ම මාලිංග මුම්බායි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වූ අතර තුන්වතාවක් අයි.පී.එල් කිරුළ හිමිකරදීමට මාලිංග පන්දු යවන්නකු ලෙස විශාල සේවාවක් ඉටු කළේය.

ඒ පිළිබදව අදහස් දක්වන මාලිංග පවසා සිටින්නේ ලැබූ එම තනතුර ඔහුට ලොකු අවස්ථාවක් බවයි.

ඇත්තටම ඒක මට ලොකු අවස්ථාවක් මුම්මායි කණ්ඩායම සමග නැවතත් මගේ සම්බන්ධතා පවත්වාගෙන යන්න.ක‍්‍රිඩකයකු ලෙස මම ගොඩක් සතුටු වුනා මුම්බායි කණ්ඩායම ක‍්‍රීඩා කරන්න ලැබීම ගැන.දැන් උපදේශකයෙක් ලෙස.මම බලා සිටිනවා මගේ අලුත් පරිච්ජේදයට..

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන ලසිත් මාලිංග තරග 110කදී බිද හෙළා ඇති කඩුලු සංඛයාව 154කි.දෙවැනි ස්ථානයේ සිටින අමිත් මිශ‍්‍රාට වඩා කඩුලු 20ක් ඉදිරියෙන් සිටින ලසිත් මාලිංග 2011 තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස සම්ම්ාන දිනා ගැනිමද සමත් විය.

මේ පිළිබදව අදහස් දක්වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සම අයිතිකරු වන අකාෂ් අම්බාන් පවසන්නේ මාලිංග ගේ සහ පන්දු යැවීමේ පුහුණුකරු ශේන් බොන්ඩ් ගේ අදහස් කණ්ඩායමේ සිටින තරුණ ක‍්‍රිඩකයින්ට ඉදිරි අනාගතයට විශාල පිටුවහලක් වන ඇති බවයි.

මුම්බායි කණ්ඩායම කියන්නේ ජාතික කණ්ඩායම ක‍්‍රිඩකයින් කිහිප දෙනෙකුවම දායාද කළ කණ්ඩායමක්.අපි ඒක ඔප්පු කරල තියනවා.ඒක නිමා මාලිංග,ෂේන් බොන්ඩ් වැනි අත්දැකීම් බහුලු ක‍්‍රිඩකයින්ගේ උපදෙස් ගන්න ලැබෙන එක අපේ තරුණ ක‍්‍රිඩකයින්ට ගොඩක් ප‍්‍රයෝජනවත් වෙයි.

මුම්බායි ඉන්දියන්ස කණ්ඩායමේ මාලිංගට අමතරව මහේල ජයවර්ධන(ප‍්‍රධාන පුහුණුකරු), ෂේන් බොන්ඩ්(පන්දු යැවීමේ පුහුණුකරු), රොබින් සිං (පිතිකරණ පුහුණුකරු), ජේම්ස් පෙමෙන්ට් (පන්දු රැුකීමේ පුහුණුකරු) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කාර්්‍ය මණ්ඩලයට ඇතුලත්ව සිටියි.

Rate this item
(0 votes)