April 20, 2024

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ YOUTUBE චැනලය තහනම් කරයි?

February 06, 2018

ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ හා සෝනි ටෙලිවිෂන් ආයතනයේ පැමිණිල්ලකට අනූව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ යූ ටියුබ් චැනලය තහනම් කර ඇති බව ඉන්දියානු වෙබ් අඩවියක් වාර්තා කරනු ලබයි

මේ තහනම නිසා අවසාන T20 තරඟය පැවැත්වෙන අවස්ථාවේ මෙම චැනලයට පිවිසීමට නොහැකි වූ බවද මෙම පුවතේ වාර්තා කර ඇත.

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) හා සෝනි ටෙලිවිෂන් ආයතනය, කල පැමිණිල්ලක් අනුව පසුගියදා ඉන්දියාවේ පැවති තරඟවල වීඩියෝ අනවසරයෙන් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව මෙම YouTube නාලිකාව තහනම් කර තිබෙන බව එම වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර තරඟ සඳහා විකාශන අයිතිවාසිකම් මිලදී ගන්නා අයෙකුට අන්තර්ජාල සජීවී විකාශනවලට ඉඩ නොලැබෙන බවත් ප්‍රවෘත්ති සඳහා පමණක්, වීඩියෝ පටයකින් විනාඩි එකක් පමණක් නොමිලයේ ලබා දෙනු ලබන බවත් හෙළි කරන මෙම වෙබ් අඩවිය වැඩි දුරටත් පවසන්නේ ඉන්දියා සංචාරයේ තරඟ සජීවීව විචාරය කරනවා කියමින් විස්තර විචාරකයන් පෙන්වමින් තරඟයේ සුළු කොටස් ප්‍රමාණයක් පමණක් විටින් විට සජීවීව ලබා දුන්නේ මෙම හේතුව නිසා බවය.

කෙසේ වෙතත්, දෙවන T20 තරඟයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අදාළ නාලිකාව සමස්ත තරඟයම විකාශය කරමින් එයට සමගාමීව විස්තර විචාරයක්ද ගෙන ආ බවත් මෙහි ප්‍රථිපලයක් වශයෙන් සෝනි ආයතනයේ මැදිහත්වීමෙන් පසුව තහනම පැනවීම සිදු වූ බවද මෙම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Rate this item
(0 votes)