April 19, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයාට T20 තරඟාවලියත් අවාසනාවන්ත ලෙස අහිමි වෙයි

February 05, 2018

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා විස්සයි විස්ස නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් හට බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් විස්සයි විස්ස තරගාවලිය අහිමි වන බව වාර්තා වනවා.

2019 ලෝක කුසලාන වන තෙක් නායකත්වය යළි හිමිවූ මැතිව්ස් තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කන්ඩායමේ සමග පැවැති පළමු තරගයේදී යළිත් මස්පිඩු අබාධයට ලක්විය.

ඉන්දියාව සමග පැවැති තරගාවලිය අතරතුර අබාධයකට ලක්වීම හේතුවෙන් මැතිව්ස්ට එම තරගාවලියේත් තරග කිහිපයක් අහිමි වූ අතර  තුන්කොන් තරගාවලිය සදහා මැතිව්ස් යළි කණ්ඩායම සමග එක්විය

මේ පිළිබදව අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසා සිටියේ තුන්කොන් තරගාවලියට නායකත්වය දුන් ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් විස්සයි විස්ස තරග දෙක සදහාද නායකත්වය ලබා දෙනු ඇති බවයි.

අවසන් වරට චන්දිමාල් විස්සයි විස්ස තරගාවලියක් සදහා නායකත්වය ලබාදුන්නේ 2017 වර්ෂයේ අප‍්‍රිකානු සංචාරයේදීයි.ඇන්ජලෝ මැතිව්ස් අබාධයට ලක්වීම හේතුවෙන් එම සංචාරයේ ද විස්සයි විස්ස තරගාවලිය සදහා දිනේෂ් චන්දිමාල් නායකත්වය ලබා දුන් අතර අතර එම තරගාවලිය ජයගැනිමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අපිට අවශ්‍ය නෑ තරග දෙකක් වෙනුවෙන් ඇන්ජලෝව අවධානමකට දාන්න.අපේ සැලසුම ලබන මාසයේ පැවැත්වෙන නිදහස් කුසලානයට ඇන්ජලෝව සහභාගී කරගන්න එක යැයි ලැබ්රෝයි පවසා සිටියහ.

Rate this item
(0 votes)