April 23, 2024

සංචිතයේ සිටි ක‍්‍රීඩකයින් දෙදෙනෙක් ඉවත් කර පිතිකරුවකු කණ්ඩායමට කැදවයි..

February 05, 2018

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය සදහා දකුණත් පිතිකරු සබ්බීර් රෙහමාන් බංගලාදේශ සංචිතයට කැදවා ඇති බව වාර්තා වනවා.

බංගලාදේශ ක‍්‍රිකට් ආයතනය ඊයේ දෙවැනි ටෙස්ට් තරගය සදහා 15දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ අතර පළමු තරගය සදහා නම් කළ සංචිතයේ සිටි වේග පන්දු යවන ක‍්‍රිඩක රූබල් හුසේන් හා වමත් දග පන්දු යවන ක‍්‍රිඩක සන්සමුල් ඉස්ලාම් සංචිතයෙන් ඉවත් කර ඇත.

රූබල් පළමු ටෙස්ට් තරගය සදහා ක‍්‍රීඩා නොකළ අතර සන්සමුල් හට පන්දුවාර 45කදී ප‍්‍රතිවාදීන්ට ලකුණු 153ක් දී දවා ගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

මැද පෙළ පිතිකරු සබ්බීර් මේ වන විට ටෙස්ට් තරග 10ක් ක‍්‍රිඩා කර ඇති අතර ඉනිම් 20කදී ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 480කි.

දෙරට අතර මීළඟ ටෙස්‌ට්‌ තරගය එළැඹෙන 8 දා ඩකාහිදී ආරම්භ වීමට නියමිතය.

Mahmudullah (Captain), Tamim Iqbal, Liton Das, Mushfiqur Rahim, Imrul Kayes, Mominul Haque, Mosaddek Hossain, Taijul Islam, Mustafizur Rahman, Mehedi Hasan Miraz, Kamrul Islam Rabbi, Sabbir Rahaman, Abdur Razzak, Nayeem Hasan and Tanbir Hayder

Rate this item
(0 votes)