April 19, 2024

ධනංජය ගෙන් වාර්තාගත පිතිහරඹයක්..

February 02, 2018

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 295ක් ලබා සිටියේ්ය.ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ ප‍්‍රථම ඉනිමට වඩා තවත් ලකුණු 218ක් පිටුපසින් සිටියි

ධනංජයද සිල්වා සිය ටෙස්ට් දිවයේ හොදම ඉනිම වාර්තා කරමින් එක් හයේ පහරක් හා හතරේ පහර 21ක් සමගින් ලකුණු 170ක් හා කුසල් මෙන්ඩිස් එක් හයේ පහරක් හා හතරේ පහර 12ක් සමගින් ලකුනු 125ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියි.

දෙවැනි දිනයට ඊයේ තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 187ක් ලබා සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ පළමු භාගය තුල තවත් ලකුණු 108ක් එක් කිරීමට සමත් විය.

ධනංජයද සිල්වා අද දිනයේ ටෙස්ට් ලකුණු 1000 සිමාව පසුකිරිමට සමත වු අතර ඒ සදහා ඔහුට ඉනිම් 23ක් වැයවිය.ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් ලකුණු 100 පසුකල ක‍්‍රීඩකයින් අතර තෙවැනි තැනද ධනංජයට හිමිවිය.එහි පළමු ස්ථානය හා දෙවැනි ස්ථානය ඉනිම් 23කදීම ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකල රෝයි ඩයස්ට හා මයිකල් වැන්ඩට් ට හිමිවී තිබේ.

සිය 23 වැනි උපන්දිනය සමරන කුසල් මෙන්ඩිස් අද දිනයේදී සිය සිව්වැනි ටෙස්ට් ශතක වාර්තා කිරිමටද සමත්විය.

ඊයේ දිනයේදී ශ‍්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු එක්වීමට පෙර මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ දිමුත් කරුණාරත්න ලකුණු නොලබා දැවී ගියහ

බංගලාදේශ කණ්ඩායම පළමු ඉනිම – පන්දුවාර 129.5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 513(මොමිනුල් හක් 176,මුෂ්ෆිකර් රහීම් 92,රියාද් මොහමදුල්ලා නොදැවී 83, තමීම් ඉක්බාල් 52, ඉම්රුල් කයිස් 40,සුරංග ලක්මාල් 3/68,රංගන හේරත් 3/150,ලක්ෂාන් සදකැන් 2 /92)

ශ‍්‍රී ලංක පළමු ඉනිම – පන්දුවාර 79ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 295
(ධනංජයද සිල්වා නොදැවී 170,කුසල් මෙන්ඩිස් නොදැවී 125, මෙහෙදි හසන් මිරාස් 1/52)

Rate this item
(0 votes)