April 20, 2024

20/20 ලෝක කුසලානය සදහා දින නියම වෙයි..

2020 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානය සඳහා දින නියම වී තිබේ. ඒ අනුව පිරිමි තරගාවලිය 2020 ඔක්තෝබර් මස 18 දා සිට නොවැම්බර් 15 දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එයට කණ්ඩායම් 16ක් එක්වීමට නියමිතය.

කාන්තා තරගාවලිය 2020 පෙබරවාරි 21 දා සිට මාර්තු 08 දා දක්වා පැවැත්වෙන අතර එයට කණ්ඩායම් 10ක් තරග කිරීමට නියමිතය.

Adelaide, Brisbane, Canberra, Geelong, Hobart, Melbourne, Perth and Sydney යන ක‍්‍රිඩාංගන වලදී මෙම තරග පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර Adelaide ක‍්‍රීඩාංගණයේදී මුලික වටයේ තරග 06ක් හා අවසන් පූර්ව තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කාන්තා මෙන්ම පිරිමි අවසන් මහ තරග මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා තරග වෙනම කාලයක් පිරිමි තරග වෙනම කාලයක් 2020 වසරේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරගාවලියේ තරග කාලසටහන ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය.

Rate this item
(0 votes)