April 20, 2024

තිසර ,චන්දිමාල් ,කුසල් ඉදිරියට එයි..ICC ය නිකුත් කළ අලුත්ම එක්දින ශ්‍රේණිගතකිරීම් මෙන්න

බංගලාදේශය – සිම්බාබ්වේ හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තුන්කොන් තරගාවලියෙන් අනතුරුව අයි.සී.සී. ය විසින් නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කොට තිබෙන අතර එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ‍්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ 08වැනි ස්ථානයයි

ජාත්‍යන්තර එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන්නේ ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලිය .අබාධයක් හේතුවෙන් තුන්කොන් තරගාවලියේ පළමු තරගයෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පිතිකරණ ලැයිස්තුවේ ස්ථාන තුනක් පසුපසට යමින් එහි 27වැනි ස්ථානයට පත්ව ඇත

ආර්ම්භක පිතිකරු උපුල් තරංග හා නිරෝෂන් දික්වැල්ල ස්ථාන 03 බැගින් පසුපසට යමින් පිළිවෙළින් 39වැනි ස්ථානය හා 40 වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර කුසල් මෙන්ඩිස් එක් ස්ථානයක් පිටුපසට යමින් 45වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

තුන්කොන් තරගාවලියේ ශ‍්‍රී ලංකා කන්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරඹය නිරත වු දිනේෂ් චන්දිමාල් ස්ථාන 10ක් ඉදිරියට පැමිණෙමින් එම ලැයිස්තුවේ 63වැනි ස්ථානයද ආරම්භක පිතිකරු කුසල් ජනිත් ස්ථාන 11ක් ඉදිරියට පැමිණෙමින් 78වන ස්ථානය හිමිකරගෙන ඇත

එක්දින ජාත්‍යන්තර පන්දුයැවීමේ ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ ගැනීමට අප‍්‍රිකාවේ ඉම්රාන් තහීර් සමත් ව ඇති අතර පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වු සුරංග ලක්මාල් ස්ථාන 03ක් ඉදිරියට පැමිණෙමින් 20 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. අබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ නුවන් ප‍්‍රදීප් ස්ථාන 08ක් ඉදිරියට පැමිණෙමින් 55වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

කලකට පසු දස්කම් අතරට පිවිසි තිසර පෙරේරා එම තරගාවලියේ කඩුලු 11ක් දවා ගැනීමට සමත් වු අතර ඒ හේතුවෙන් ඔහු ස්ථාන 25ක් ඉදිරියට පැමිණෙමින් 73වැනි ස්ථානයට පත් ව ඇති අතර අකිල ධනංජය ස්ථාන 13ක් ඉදිරියට පැමිණෙමින් 45වැනි ස්ථානයට හිමිකරගෙන ඇත

තුන්ඉරියව් ලැයිස්තුවේ පෙරමුණේ සිටි පාකිස්තානු කන්ඩායමේ මොහොමඩ් හෆීස් දෙවැනි තැනට ඇද දමමින් එහි පෙරමුණ ගැනීමට බංගලාදේශ කණ්ඩායමේ තුන්ඉරියව් කී‍්‍රඩක සකීබ් අල් හසන් සමත් ව ඇත අතර එක්දින තුන්ඉරියව් ලැයිස්තුවේ අංක 03 ස්ථානයේ සිටි ඇන්ජලෝ මැතිව්ස් එක් ස්ථානයකින් පසුපසට ගොස් ඇත

Rate this item
(0 votes)