April 25, 2024

සිංහ පිළට අභියෝග කිරීමට වසර හතරකට පසුව කණ්ඩායමට කැදවූ ක‍්‍රීඩකයා මෙන්න..

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක් කණ්ඩායමට කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.

මේ වනවිට ආබාධයකට ලක්ව සිටින ශකිබ් අල් හසන් වෙනුවෙන් මෙම කැඳවීම සිදු කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති අවසන් එක්දින තරගයේදී ටෙස්ට් නායක සකීබ් අල් හසන් අබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහු අවසන් තරගයේදි පිතිකරණය සදහා ද පැමිණයේ නැත.

අබ්දුර් රසාක් අවසන්වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2014 වසරේදී කොදෙව් කණ්ඩායමට එරෙහිවය.බංග්ලාදේශය වෙනුවෙන් එක්දින කඩුලු 200කට වඩා රැස්කර ඇති ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක් ක්‍රීඩකයෙකු වන රසාක් ටෙස්ට් තරග 12කට ක්‍රීඩා කර කඩුලු 23ක් දවාගෙන ගැනීමට සමත්ව ඇත.

මේ වන විට බංග්ලාදේශයේ පැවැත්වන පළමු පෙළ තරගාවලියේදී දක්ෂතා දක්වමින් සිටින ඔහු පළමු පෙළ කඩුලු 500ක් දවාගත් පළමු බංග්ලදේශ පන්දු යවන්නා බවටද පත්වූ අතර මේ දිනවල පැවැත්වෙන පළමු පෙළ දේශීය තරගවලදී තරග තුනකදී කඩුලු 20ක් ලබාගැනීමටද සමත්ව ඇත

‘සකීබ් වෙනුවට ක‍්‍රීඩකයෙක් හොයාගන්න එක ලේසි නෑ..අපිට අවශ්‍යයි අත්දැකීම් තියන ක‍්‍රිඩකයෙක් සකීබ් වෙනුවට..සන්සමුල් තවමත් ටෙස්ට් තරගයක් ක‍්‍රීඩා කරල නෑ..ඒකයි අපි රසාක්ව නැවතත් කැදෙව්වෙ’ යැයි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තේරීම් කමිටුවේ ප‍්‍රධාන නිලධාරීයා පැවැසීය

කෙසේ වෙතත් සකීබ් අබාධයට පත්වීමත් සමග බංගලාදේශ තේරීම් කමිටුව සන්සමුල් ඉස්ලාම් හා තන්බීර් හෙයිදර් ටෙස්ට් සංචිතයට කැදවා තිබුණි

Rate this item
(0 votes)