March 29, 2024

19න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රෝයි ඩයස් තනතුරෙන් ඉවතට?

මේ වන විට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසාලන තරගාවලියේ අසාර්ථක වූ ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පුහුණුකරු රෝයි ඩයස් මහතා එම තනතුරෙන් අස්කීරීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවෙයි.එම තනතුර හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක මලින්ද වර්ණපුරට හිමිවීමට නියමිතව ඇති බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් දක්වයි

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඇෆ්ගනිස්තානු කණ්ඩායම හා පාකිස්තානු යොවුන් කණ්ඩායම් වලට පරාජයට පත්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.ඊට හේතුව ලෙස කණ්ඩායමේ කළමණාකරය ගනු ලැබු තීරණ මුලික විය.

ලෝක කුසලානයේ ලංකාවට තීරණාත්මක තරග දෙකක් වූ එම තරග දෙකෙහි යොවුන් කණ්ඩායමේ සිටි ප‍්‍රබලතම පිතිකරු වූ හසිත බෝයගොඩ ක‍්‍රීඩා නොකිරීම කළමණාකරණ විසින් ගනු ලැබු එක් වැරදි තීන්දුවකි.

කෙසේ වෙතත් පළිහ ශූරතාව සදහා පැවැති තරග වලට බෝයගොඩ ක‍්‍රීඩා කළ අතර ප‍්‍රතිඵලය වූයේ ලෝක වර්තා පිතිහරඹයක් සමගින් ශතක දෙකක් බෝයගොඩ රැුස්කිරීමයි.ඔහුගේ පිතිහරඹය හේතුවෙන් ලෝක කුසලානයේ පළිහ ශූරතාව හිමිකර ගැනීමටද ශ‍්‍රී ලංකා කණ්ඩායම හැකිවිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් ආයතනයේ ඉහළ නිළධාරීයෙකු ප‍්‍රකාශ කර සිටියේ රෝයි ඩයස් වෙනුවෙට මලින්ද එම තනතුරට පත්කිරීමට තීරණය කර ඇති බවයි

ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් උප සහභාපති කේ මතිවානන් මහතා සභාපතිව සිටියදී කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය වෙනුවෙන් ක‍්‍රීඩා කළ මලින්ද වර්ණපුර ශ‍්‍රි ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 14කට හා එක්දින තරග 03කට දායකත්වය සපයා තිබේ.

Rate this item
(1 Vote)