April 20, 2024

ශ‍්‍රී ලංකා යෞවනයන්ට ලෝක කුසලානයේ පළිහ ශූරතාව..හසිත ධනංජය ගෙන් වාර්තාගත ඉනිමක්

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පළිහ ශූරතාවය හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද සමත් විය.

ගිය වසරේ ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති මෙම තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුණු 255ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා යෞවනයෝ ඉනිම නිමවීමට පන්දු 02ක් තිබියදී කඩුලු 07ක් දැවී සිය ජයග‍්‍රහණය තහවුරු කර ගත්හ.

වයස අවුරුදු 19න් පහළ තරග ඉතිහාසයේ 07වැනි හොදම සම්බන්ධතාව පවත්වමින් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 218ක් රැස් කිරීමට ධනංජය ලක්ෂාන් හා හසිත බෝයගොඩ සමත් විය.

යළිත් වරක් කණ්ඩායමට අත්‍යවශයම ක‍්‍රීඩකයකු ලෙසට තේරීම් කමිටුවට පෙන්වා දෙමින් කෙන්්‍යාවට එරෙහිව පැවැති තරගයේ ලෝක වාර්තාගත පිතිහරඹයක නිරත වූ හසිත බෝයගොඩ ලෝක කුසලාන තරගාවලියේ ලබාගත් දෙවැනි ශතකය හිමිකරගනිමින් ලකුණු 116ක් රැස් කිරීමට සමත් විය.

Jarion Hoyte ගේ පන්දුවක් හමුවේ Brad Barnes හට උඩපන්දුවක් ලබාදෙමින් ශ‍්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් හසිත දැවී යන විට පන්දු 124කදී එක් හයේ පහරක් හා අලංකාර හතරේ පහර 17ක් සිය ඉනිමට එක්කොට තිබුණි.

හසිතට නොදැවෙනි ඉනිමක් ක‍්‍රීඩා කළ ධනංජය ලක්ෂාන් ශතකයට ලකුණු 02ක් මෑතින් සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේ Jarion Hoyte ට තවත් කඩුල්ලක් හිමිකර දෙමින්.දැවී යනවිට පන්දු 119කට මුහුණ දී සිටි ධනංජය එක් හයේ පහරක් හා හතරේ පහර 12කික්න ඉනිම අලංකාර කළේය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී යාමෙන් අනතුරුව ජෙහාන් ඩැනියෙන්(6)හා නිෂාන් මධුශංක(1) දුවද්දී දැවී යාමට හසුකරගත් කොදෙව්වන් ප‍්‍රබල පිතිකරුවන් වු නායක කමිදු මෙන්ඩිස්(1),නුවනිදු ප‍්‍රනාන්දු(14) හා අශේන් බණ්ඩාර(0) ඉතා ඉක්මනින් ක‍්‍රීඩා ගාරයට හරවා යවමින් යළි තරගයට අවතීර්ණ විය.

එහෙත් හරීන් බුද්ධිල (5) හා තිසරු රශ්මික(4) එක්ව ඉනිම නිමවීමට පන්දු 02ක් ඉතිරිව තිබියදී අවසන් ලකුණු කිහිපය එක් කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය වෙත රැගෙන ගියහ.

ශ‍්‍රී ලංකා ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 254ක් රැස් කිරීමට සමත්විය.

එහිදී විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කළ Alick Athanaze  හයේ පහර 02ක් හා හතරේ පහර 05ක් සමගින් නොදැවී ලකුණු 110ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප‍්‍රවීන් ජයවික‍්‍රම ලකුණු 33කට කඩුලු 02ක් හා නිපුන් මාලිංග ලකුනු 63කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

Rate this item
(0 votes)