March 29, 2024

‘කුසල් ගත්ත උඩපන්දුවෙන් තරගය වෙනස් වුනා’.. ක‍්‍රීමර්

පළමු තරගයෙන් ශ‍්‍රී ලංකාව පරාජයට පත්කළත් දෙවැනි තරගය කඩුලු 05කින් පරාජයට පත්වීමට සිම්බාබ්වේ කන්ඩායමට ඊයේ සිදුවිය.පළමු තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම සිය ඉනිමට ලකුනු 290ක් එක් කළ අතර ඊයේ දිනයේදී ඔවුන්ට ලබාගත හැකි වුයේ ලකුණු 198ක් පමණි.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවැති තරගයෙන් පසු මාධ්‍ය ඇමතු සිම්බාබ්වේ නායක ග‍්‍රැහැම් ක‍්‍රිමර් පවසා සිටියේ මෙම තරගයට ලැබුනේ තමා අපේක්ෂා කළ තනතිල්ල නොවන බවයි

ඇත්තටම කියනවනම් මේ තණතිල්ල කලින් එකට වඩා ගොඩක් වෙනස්,අපි ලකුණු 270ක් හිතේ තියාගෙන තමයි තරඟයට ආවේ.පස්සේ තරඟය යන විදියට අපිට තේරුනා ලකුණු 230 තිබුනානම් අපිට තරඟයක් දෙන්න තිබුන කියල.කොහොම හරි අපිට ලකුණු 30 ක් වගේ මදි වුනා,ඒ නිසා තමයි අන්තිමට ප්‍රථිපලය අවාසිදායක වුනේ.”

තරඟාවලියේ ලකුණු අතර සිටින ශිකන්ඩර් රාසා දවා ගැනීමට කුසල් මෙන්ඩිස් ලබාගත් විශිෂ්ට උඩ පන්දුවද තරඟයේ වෙනස් වීමට ලොකු බලපෑමක් වූ බවද සිම්බාබ්වේ නායකයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියහ.

“රාසා ගේ දැවී යාම තමයි තරඟය වෙනස් වෙන්න හේතු වුනේ.තණතිල්ලේ වේගයක් තිබුනා ශ්‍රී ලංකාව ඒ වාසිය ගත්ත මුල ඉඳලම,අනිත් එක හවස් වෙද්දී පින්න ආවා,ඒක ලොකු බලපෑමක් වුනා,ඊළඟ තරඟයේදී නම් කාසිය වාසිය දිනාගත්තොත් පළමුව පන්දු යවන එක තමයි හොඳම දේ.”

දැන් තරඟාවලිය ඉතා තරඟකාරී වී ඇති බව පවසන ක්‍රීමර් පවසා ඇත්තේ ඉදිරියේදී බංගලාදේශය පරාජය කරන කණ්ඩායම අවසන් තරඟය වෙත යනු ඇති බවය.

“දැන් තරඟාවලිය ගොඩක් තරඟකාරී වෙලා.කණ්ඩායම් දෙකෙන් බංගලාදේශය පරාද කරන කණ්ඩායමට අවසන් තරඟයට යන්න පුළුවන් වෙයි,මම හිතනවා අපිට ඒ අවස්ථාව ලැබෙයි කියල.

Rate this item
(0 votes)