April 25, 2024

කාසියේ වාසිය සිම්බාබ්වේ නායකයාට..ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක්

සිම්බාබ්වේ කන්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ සිව්වැනි තරගය අද පෙරවරු 11.30ට බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත

තරගාවලියේ මුහුණුදුන් තරග 02කම පරාජය වී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් තුන්කොන් තරගාවලියේ බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජයග‍්‍රහණය කිරීම අනිවාර්්‍ය වෙයි

තරගයට පෙර කාසිය වාසිය උරගා බැලීම සිදුකෙරුණු අතර එහිදී කාසිය වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ කණ්ඩායම සමග පැවැති තරගයේදී ක‍්‍රීඩා කළ  වනිදු හසරංග වෙනුවට ලක්ෂාන් සදකැන් කණ්ඩායමට කැදවා ඇත.

සිම්බාබ්වේ කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු කර නොමැති අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු තරගයේ ජයග‍්‍රාහී කණ්ඩායමම ක‍්‍රීඩා කරනු ලබයි

Zimbabwe: 1 Hamilton Masakadza, 2 Solomon Mire, 3 PJ Moor (wk), 4 Brendan Taylor, 5 Craig Ervine, 6 Sikandar Raza, 7 Malcolm Waller, 8 Graeme Cremer (capt), 9 Kyle Jarvis, 10 Tendai Chatara, 11 Blessing Muzarabani

Sri Lanka: 1 Upul Tharanga, 2 Kusal Perera, 3 Dinesh Chandimal (capt), 4 Niroshan Dickwella, 5 Kusal Mendis, 6 Asela Gunaratne, 7 Thisara Perera, 8 Akila Dananjaya, 9 Suranga Lakmal, 10 Lakshan sandakan 11 Nuwan Pradeep

Rate this item
(0 votes)