April 25, 2024

ප‍්‍රවේගකාරී පිතිකරුවා යළි කණ්ඩායමට..හෙට තරගයට ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න ..

සිම්බාබ්වේ - ශ‍්‍රී ලංකා - බංගලාදේශ කණ්ඩායම තරග වදින තුන්කොන් තරගාවලියේ දෙවන තරගය හෙට සිම්බාබ්වේ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත

ශ‍්‍රි ලංකාව නව නායකයකු හා නව පුහුණුකරුවකු සමගින් තුන්කොන් තරගාවලියේ තරගවදින පළමු තරගය මෙය වන අතර පසුගිය තරගාවලි වලින් ලද පරාජයන් වැලට තිත තැබීමේ අරමුණින් ශ‍්‍රී ලංකා කණ්ඩායම හෙට පිටියට පිවිසෙනු ඇත

නිමාවුණු ඉන්දීය සංචාරයේදී විස්සයි විස්ස තරගාවලියේදී දස්කම් දැක්වු ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා හෙට පැවැත්වෙන තරගයේදීත් අංක තුන පිතිකරු ලෙස ක‍්‍රීඩාකරනු ඇති අතර ඉන්දීය සංචාරයේ සංචිතයට ඇතුළත් නොවු කුසල් මෙන්ඩිස් හෙට පැවැත්වෙන තරගයට ක‍්‍රීඩා නොකරනු ඇති බවට එම වාර්තා දක්වයි

තවද මුලික සංචිතය ඇතුළත් නොවුනත් බංගලාදේශ සංචාරයේ සංචිතයට ඇතුළත් වු වනිදු හසරංග හෙට පැවැත්වෙන තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිත අතර ඉන්දීය සංචාරයේදී අසාර්ථ වු හිටපු නායක තිසර පෙරේරාද හෙට පැවැත්වෙන තරගයට කණ්ඩායමට කැදවා ඇත.

හෙට තරගයට ක‍්‍රීඩා කරනු ඇතැයි අනුමාන කරන කණ්ඩායම..

Upul Tharanga
Danushka Gunathilika
Kusal Perera
Angelo Mathews (Capt.)
Niroshan Dickwella (WK)
Asela Gunaratne
Wanindu Hasaranga
Thisara Perera
Akila Dananjaya
Suranga Lakmal
Nuwan Pradeep

Rate this item
(1 Vote)