April 24, 2024

වැඩිම ශතක වාර්තාවට හිමිකම් කියමින් කෝලිගෙන් සුපිරි ඉනිමක්

සංචාරක ඉන්දියානු කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කන්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ(15) අයපහත් අලෝක තත්වය නිසා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන දකුනු අප‍්‍රීකානු කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 90ක් ලබා සිටියේය.ඒ අනුව ඔවුන් ඉන්දියානු කණ්ඩායම වඩා ලකුණු 118ක් ඉදිරියෙන් පසුවෙයි.

ලකුණු 03කට කඩුලු 02ක් බිද වැටී අසීරු තත්වයක සිටියදී පිටියට එක්වු ඒ.බී.ද විලියර්ස් ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් සමග එක්වෙමින් තෙවැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 87ක සම්බන්ධතාවක් පවත්වමින් අප‍්‍රිකානු ඉනිමට යළි ජීවයක් එක් කළේය.

එහිදී සිය 42වැනි අර්ධ ශතකය රැුස් කරමින් නොදැවි ලකුණු 50ක් ලබා ගැනීමට විලියර්ස් සමත් වු අතර ඩීන් එල්ගාර් නොදැවි ලකුනු 36ක් රැස් කළහ.

පන්දුයැවීමේදි ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වු ජස්ප‍්‍රීත් බුම්රා දැවී ගිය කඩුලු 02කම ලකුණු 30ක් තුළ දවා ගැනිමට සමත් විය

ඉන්දියානු කන්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 307ක් රැස් කිරීමට සමත් විය.එහිදි නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කළ විරාත් කෝලි හතරේ පහර 15ක් සමගින් ලකුණු 153ක් රැස් කළ අතර එම ශතකයත් සමගින් විදෙස් රටවලදී වැඩිම ශතක (13) රැස් කළ ඉන්දියානු නායකයා ලෙසද කෝලි වාර්තා පොතට එක්විය.මීට පෙර ශතක 12ක් ලබාගත් සෞරව් ගංගුලි එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීම නිරත වු මොර්නි මෝර්කල් කඩුලු 04ක් බිද හෙළීමට සමත් විය.

දකුණු අප‍්‍රිකානු පළමු ඉනිම – පන්දුවාර 113.5කදී සියලු දෙනා දැවී ලකුණු 335
(අදීන් මාක්රම් 94, හෂීම් අම්ලා 82, ෆෆ් ඩුප්ලේසි 63, රවිචන්ද‍්‍රන් අශ්වින් 4/113, ඉෂාන්ත් ශර්මා 3/46)

ඉන්දියානු පළමු ඉනිම – පන්දු වාර 92.1කදී සියලු දෙනා දැවී ලකුණු 307
(විරාත් කෝලි 153, මුරලි විජේ 46, රවිචන්ද‍්‍රන් අශ්වින් 38, මොර්නි මෝර්කල් 4/60, වර්නන් ෆිලැන්ඩර් 1/46)

Rate this item
(0 votes)