April 25, 2024

තුන්කොන් තරගාවලියේ පළමු තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 8ක විශිෂ්ට ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තුන්කොන් තරගාවලියේ පළමු තරගය කඩලුු 08කින් පහසුවෙන් ජයගැනීමට සත්කාරක බංගලාදේශ කණ්ඩායම සමත් විය

ජයග‍්‍රහණය සදහා ලකුණු 171ක පහසු ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 28යි පන්දු 03කදී කඩුලු 02ක් පමණක් දැවී තිබයදී ජයග‍්‍රහණය තහවුරු කර ගත්හ.

එහිදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් තමීම් ඉක්බාල් 39වැනි අර්ධශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 84ක් රැස් කළේය.පන්දු 93කදී වාර්තා වු තමීම්ගේ ඉනිම එක් හයේ පහරකින් හා හතරේ පහර 08කින් අලංකාර විය.

සකීබ් සමග එක්වෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සම්බන්ධතාවක්ද මුෂ්ෆිකර් සමග එක්වෙමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 63ක සම්බන්ධාතවක්ද පවත්වමින් කණ්ඩායමේ පරිණම ක‍්‍රීඩකයා වු තමිමි සිය කණ්ඩායම ජයග‍්‍රහණය කර රැගෙන ගියහ.

සකීබ් අල් හසන් හතරේ පහර 05ක් සමගින් ලකුනු 37ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහීම් එක් හයේ පහරක් හා හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 14ක් රැස් කළහ.

පන්දු යැවීමේදී සිකන්දර් රාසා ලකුණු 53කට බංගලාදේශ කණ්ඩායමේ දැවී ගිය කඩුලු 02කම දවා ගැනීමට සමත් විය.

බංගලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ඉනිම ලකුණු 170කට සීමා කිරීමට බංගලාදේශ පන්දුයවන්නන් සමත් විය

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු සිකන්දර් රාසා විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ අතර දුවද්දී දැවී යාමටක හසුව අවාසනාවන්ත ලෙස දැවී යද්දී හයේ පහර 02ක් හා හතරේ පහර 02ක් සමගින් ලකුණු 52ක් රැස්කරගෙන සිටියේය.

පීටර් මූර් සමග එක්වෙමින් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සම්බන්ධතාවක්ද පැවැත්වීම රාසා සමත් වු අතර ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වු මුර් හතරේ පහර 02ක් සමගින් ලකුණු 33ක් රැස් කළේය.

පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වු සකීබ් අල් හසන් ලකුණු 43කට කඩුලු 03ක්ද රූබල් හුසෙන් ලකුණු 24කට කඩුලු 02ක් ද, මුටාෆිසර් රෙහමාන් ලකුණු 29කට කඩුලු 02ක් ද දවා ගනිමින් දස්කම් දැක්වීය

තරගයේ වීරයා සම්මානය බංගලාදේශ කණ්ඩායමේ සකීබ් අල් හසන්ට හිමිවිය

සිම්බාබ්වේ කණ්ඩායම – පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ලකුණු 170යි
(සිකන්දර් රාසා 52, පීටර් මූර් 33, බ්‍රෙන්ඩන් ටේලර් 24, සකීබ් අල් හසන් 3/43, රූබල් හුසේන් 2/24,මුටාෆිසර් රෙහමාන් 2/29)

බංගලාදේශ කණ්ඩායම - පන්දුවාර 28.3කදී කඩුලු 02ක් දැවී ලකුණු 171
(තමීම් ඉක්බාල් නොදැවී 84, සකීබ් අල් හසන් 37, අනමුල් හක් 19, සිකන්දර් රාසා 2/53)

 

Rate this item
(0 votes)