March 29, 2024

ඩිල්රුවන්ගෙන් පළමු පෙළ ක‍්‍රිකට් වාර්තාවක්..

ශ‍්‍රි පංනා ටෙස්ට් කණ්ඩායමේ නියත්‍ය පිට දග පන්දු යවන ක‍්‍රීඩක ඩිල්රුවන් පෙරේරා පළමු පෙළ ක‍්‍රිකට් කඩුලු 700ක් ම්පුර්ණ කිරීමට ඊයේ සමත් විය.
ශ‍්‍රී ලංකාවේ වේගවත්ම ටෙස්ට් කඩුලු සියයේ වාර්තාවට හිමිකම් කියන ඩිල්රුවන් පෙරේරා පළමු පෙළ කඩුලු 700ක් දවා ගනිමින් පළමු පෙළ ලකුණු 7000ක් පසු කළ ශ‍්‍රී ලංකාවේ පළමු සහ එකම ක‍්‍රීඩකයා ලෙසින්ද ඉතිහාසටය එක් විය.

ඩිල්රුවන් ශ‍්‍රී ලංකාවේ පළමු පෙළ කඩුලු 700ක් දවාගත් හයවැනි පන්දු යවන්නා වෙයි.

අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ඒ කොටසේ කෝල්ට්ස් පිල නියෝජනය කරන ඩිල්රුවන් සරසන්ස් පිලට එරෙහිව කොල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ අවසන් වු තරගයේ දෙවැනි ඉනිමේ කඩුලු 05ක් දවා ගනිමින් කඩුලු 700 කඩඉම සම්පූර්ණ කළේය.

ඩිල්රුවන් මේ වන විට පළමු පෙළ තරග 195කදී කඩුලු 700ක් දවාගෙන ඇති අතර එයට ටෙස්ට් තරග 25කදී දවාගත් කඩුලු 101ක් ද ඇතුලත් වෙයි.ඔහු පළමු පෙළ ලකුණු 7204ක් රැුස්කර ඇති අතර එයට ටෙස්ට් ලකුණු 845ක් ද ඇතුළත්ය.

මුත්තයියා මුරලිදරන්( කඩුලු 1374), රංගන හේරත් (1042), දිනුක් හෙට්ටිආරච්චි (929), සජීව වීරකෝන් (811, චමින්ද වාස් (772), පළමු පෙළ කඩුලු 700ට වැඩියෙන් දවාගත් සෙසු ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ වෙති.

චමින්ද වාස් පාළමු පෙළ ලකුණු 6223ක් රැුස්කරමින් කඩුලු 700ක් දවා ගනිමින් වැඩිම ලකුණු රැුස්කළ ක‍්‍රීඩක වාර්තාවට මීට පෙර හිමිකම් කීය.

Rate this item
(0 votes)