April 25, 2024

තීරණාත්මක තරගයේ ඉන්දියානු කණ්ඩායමේ වෙනස්කම් තුනක්..

සංචාරක ඉන්දියානු කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද සෙන්චූරියන් හිදී ආරම්භ විය.මේ වන විට දකුණු අප‍්‍රිකානු කන්ඩායම 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන ඇති නිසා ඉන්දියානු කණ්ඩායමට මෙම තරගය තීරණාත්මක වෙයි

තරගයේ කාසිය වාසිය දිනු දකුණු අප‍්‍රිකානු නායකයා කිසිදු පැකිලීමකින් තොරව තමාට හුරුපුරුදු ක‍්‍රීඩාපිටියේ පළමුව පන්දුවට පරදීමට තීරණයක කළේය.

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ එක්වෙනස්කමක් සිදු කර ඇති අතර ආබාධයට ලක්වූ වේගපන්දු යවන ක‍්‍රීඩක ඩේල් ස්ටේන් වෙනුවට නවක ක‍්‍රීඩක ලුන්ගි නිගිඩි කණ්ඩායමට කැදවා ඇත.මෙය නිගිඩිගේ මංගල ටෙස්ට් තරගයයි.

ඉන්දියානු කන්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර ඇති අතර ආරම්භක පිතිකරු ශිකර් ධවාන්, කඩුලු රකින ක‍්‍රීඩක රිද්දිමාන් සාහා සහ වේගපන්දු යවන ක‍්‍රීඩක බුවනේෂ්වර් කුමාර් වෙනුවට ලෝකේෂ් රාහුල්, පාතිව් පටෙල් හා ඉෂාන්ත් ශර්මා කන්ඩායමට කැදවා ඇත
India (Playing XI): Murali Vijay, Lokesh Rahul, Cheteshwar Pujara, Virat Kohli(c), Rohit Sharma, Parthiv Patel(w), Hardik Pandya, Ravichandran Ashwin, Mohammed Shami, Jasprit Bumrah, Ishant Sharma

South Africa (Playing XI): Dean Elgar, Aiden Markram, Hashim Amla, AB de Villiers, Faf du Plessis(c), Quinton de Kock(w), Vernon Philander, Keshav Maharaj, Kagiso Rabada, Lungisani Ngidi, Morne Morkel

Rate this item
(0 votes)