April 25, 2024

රශීඩ් ඛාන් ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායමෙන් ඉවතට!..ශ‍්‍රී ලංකා යෞවනයන්ට දැඩි අභියෝගයක්.

2017 වසරේ එක්දින ක්‍රිකට් තරගවල දෙවැනි වැඩිම කඩුළුලාභියා(43) ලෙස වාර්තා අතරට එක්ව සිටින ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක රශීඩ් ඛාන්ට එරට ජාතික කණ්ඩායම නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ රශීඩ් යොවුන් ක්‍රීඩකයෙකු බැවින් මේ දිනවලදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා ඔහුගේ පූර්ණ සහභාගීත්වය ලබා දීම සදහා මෙම තීරණය ගත් බවයි

2016 වර්ෂයේ පැවැති වයස අවුරුදු 19න් ලෝක කුසලානය ඇෆ්ගනිස්තානු කන්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වු රශීඩ් එම තරගාවලියේදී කඩුලු 10ක් දවා ගැනීමට සමත්විය.

මේ වන විට ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් ලීග් තරගාවලියට සහභාගී වි සිටින රශීඩ් ඛාන් එම තරගාවලියේදී සුපිරි දස්කම් දක්වමින් සිටින අතර එම තරගාවලියේ තරග 06කට සහභාගී වෙමින් මේ වන විට 11ක් බිද හෙළා ඇති අතර පන්දුවාරයකදී ලකුණු ලබා දීමේ සාමාන්‍ය 6කටත් අඩුවෙන් පවත්වාගෙන යාමට සමත්ව තිබේ

පසුගියදා නිමාවුණු වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාවය හිමිකරගැනීමටද ඇෆ්ගනිස්තානු යොවුන් කණ්ඩායම සමත් වු අතර එහිදී පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වු මුජීබ් සර්දාන් ද මෙම සංචිතයට ඇතුළත්ව ඇති නිසා රශීඩි – සර්දාන් සුසංයෝගය පිතකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරනු ඇතැයි විචාරකයින් මත පළ කරයි

ඇෆ්ගනිස්තානු කණ්ඩායම සහභාගී වන පළමු තරගය 13 වැනිදා පාකිස්තානු කන්ඩායම සමග පැවැත්විමට නියමිත අතර දෙවැනි තරයග 17 වැනිදා ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්විමට නියමිතව ඇත.

Rate this item
(1 Vote)