April 20, 2024

ශ්‍රී ලංකාව කැන්ගරුවන්ට පරදිද්දී ,හසිත සහ ප්‍රවීන්ගෙන් හොඳ දස්කම්…

2018 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ඔස්ටේ‍්‍රලියානු 19න් පහළ කණ්ඩායම අතර පැවැති පුහුණු තරගයෙන් ලකුණු 53ක ජයක් හිමිකරගැනීමට ඔස්ටෙ‍්‍ර්ලියානු කණ්ඩායම  සමත්විය.

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායක ජේසන් සගා කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඉනිමේ සිව්වැනි පන්දුවාරයේදී දකුණත් වේගපන්දු යවන ක‍්‍රීඩක නුපුන් මාලිංග ගේ පන්දුවකට ආරම්භක පිතිකරු මැක්ස් බ‍්‍රයන්ට් දැවී ගියේය.අනතුරුව ජැක් එඩ්වඩ් සමග එක්වු ඔස්ටේ‍්‍රලියානු නායකයා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක් එක් කිරීමට සමත් වු අතර එම සම්බන්ධතාව නිමාවට පත්වුයේ ප‍්‍රවීන් ජයවික‍්‍රමගේ පන්දුවක් හමුවේ ලකුණු 27ක් ලබාගත් නායක ජේසන් ස්ටම්ප් කිරීමකට හමුවීමත් සමගය.

අනතුරුව යළි ක‍්‍රියාත්මක වු ප‍්‍රවීන් මුලු ලකුනු සංඛ්‍යාව 95ක් වන විට ලකුණු 50ක් ලබා සිටි ආරම්භක පිතිකරු එඩ්වඩ් දවා ගැනීමට සමත් විය.

අංක 04 පිතිකරුවා ලෙසින් පිටියට පැමිණි ජොනතන් මාර්ලෝ ඔස්ටේ‍්‍රලියානු කන්ඩායමේ කොදු නාරටිය වෙමින් පන්දු 86කදී හතරේ පහර 04ක් හා හයේ පහර 04ක් සමගින් විශිෂ්ට ලකුණු 78ක් රැස් කරමින් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 251ක දක්වා ඉහළ දැමීමට සමත්විය.

පන්දු යැවීමේදී වමත් වේග පන්දු යවන ක‍්‍රීඩක තිසරු රශ්මික , නිපුන් මාලිංග හා ප‍්‍රවින් ජයවික‍්‍රම කඩුලු 02 බැගින් බිද හෙලූහ

ජයග‍්‍රහණය සදහා ලකුණු 252ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රි ලංකා යෞවනයන්ට ඔස්ටේ‍්‍රලියානු වේගපන්දු යවන්නන් වන ජෙසන් රල්ස්තන් හා විල් සදර්ලන්ඩ් ගෙන් දැඩි අභියෝගයක් එල්ල වු අතර පන්දුවාර 17කදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 06ක් ලකුණු 66ක් තුළ දැවී ගියහ.

අනතුරුව අත්දැකීම් බහුල ක‍්‍රීඩකයකු වන හසිත බෝයගොඩ හා අශේන් බණ්ඩාර කඩා වැටුණු ශ‍්‍රී ලංකා ඉනිමට බලාපොරොත්තුවක් එක්කරමින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සම්බන්ධතාවක් පැවැත්වු නමුත් ඔවුන් දෙදෙනා දැවී යාමෙන් පසු බලාපොරොත්තු සුන්වු ශ‍්‍රී ලංකා ඉනිම ලකුණු 198කට සීමා විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු හසිත බෝයගොඩ පන්දු 78කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 69ක් රැස් කළ අතර බණ්ඩාර පන්දු 72කට මුහුණදෙමින් ලකුණු 51ක් රැස් කිරීමට සමත්විය

ඔස්ටේ‍්‍රයානු කණ්ඩායම – පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 251
(ජැක් එඩ්වර්ඩ් 50, ජොනතන් මර්ලෝ 78, නෙදන් මැක්වීනී 31, නිපුන් මාලිංග 2/41, තිසරු රශ්මික 2/59, ප‍්‍රවීන් ජයවික‍්‍රම 2/18)

ශ‍්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 50 අවසානයේ සියල්ල දැවී ලකුණු 198
(හසිත බෝයගොඩ 69, අශේන් බණ්ඩාර 51, ජෙහාන් ඩැනියෙල් නොදැවී 20, විල් සදර්ලන්ඩි 3/25, ජේසන් රල්ස්තන් 3/36 ඔස්ටින් වෝ 2/27)

Rate this item
(0 votes)