April 19, 2024

පහසු ජයකට මාන බැලු ‘කෝලි’ට ෆිලැන්ඩර්ගෙන් මංගල තෑග්ගක්..

සංචාරක ඉන්දියානු කන්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර කෙප්ටවුන්හි නිව්ලන්ඩ් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 72ක ජයක් හිමිකරගැනීමට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 208ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියානු කන්ඩායමට ප‍්‍රබල දකුණු අප‍්‍රිකාණු පන්දුයවන්නන් හමුවේ ලබාගැනීමට හැකි වුයේ ලකුණු 135ක් පමණි.

ඉන්දියානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු රවිචන්ද‍්‍රන් අශ්වින් හතරේ පහර 05ක් සමගින් ලකුණු 37ක් රැුස් කිරීමට සමත්වු අතර බුවනේෂ්වර් කුමාර් සමග එක්වෙමින් 08වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සම්බන්ධතාවක් ද පැවැත්වීමට සමත්විය.

ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වු විරාත් කෝලි හතරේ පහර 04ක් සමගින් ලකුණු 28ක් ලබාගත් අතර අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුනු 20 සීමාව පසුකිරීමට දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ.

පන්දු යැවීමේදී දකුණු අප‍්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීම නිරත වු වර්නන් ෆිලැන්ඩර් සිය ටෙස්ට් දිවියේ හොදම පන්දුයැවීම වාර්තා කරමින් ලකුණු 42කට කඩුලු 06නක් දවා ගැනීමට සමත් වු අතර මෝර්නි මෝර්කල් හා කාගීසෝ රබාඩා කඩුලු 02 බැගින් දවා ගත්හ

තරගයේ කාසිය වාසිය දිනාගත් දකුනු අප‍්‍රිකානු කණ්ඩායමේ නායකයා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් සියලු දෙනා ලකුණු 286කට සීමා කිරීමට බුවනේෂ්වර් කුමාර් ඇතුලු පන්දුයවන්නෝ සමත් වුහ.

දකුණු අප‍්‍රිකානු ප‍්‍රථම ඉනිම වෙනුවෙන් ඒබී ද විලියර් ලකුණු 65ක් ලබා ගත් අතර නායක ඩුප්ලේසිස් ලකුණු 62ක් ලබා ගැනීමට සමත්විය.පන්දු යැවීමේදී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් බුවනේෂ්වර් කුමාර් කඩුලු 04ක් ලබා ගත් අතර රවීචන්ද‍්‍රන් අශ්වින් කඩුලු 02ක් ලබා ගැනීමට සමත්විය

අනතුරුව පළමු ඉනිම ක‍්‍රීඩා කිරීමට පැමිණි ඉන්දියානු කණ්ඩායමට දකුණු අප‍්‍රිකානු පන්දුයවන්නන්ගෙන් දැඩි අභියෝගයක් එල්ල වු අතර පන්දුවාර 73යි පන්දු 04ක් තුළදී සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 209ක් පමණි.
එහිදී හර්දීක් පාණ්ඩ්‍යා ඉන්දියාවේ ප‍්‍රථම ඉනිමේ ගෞරවය බේරා ගනිමින් වේගවත් ලකුණු 93ක් රැස් කළ අතර අනෙක් පිතිකරුවන්ගෙන් කිසිදු ක‍්‍රීඩකයකුට ලකුණු 30 සිමාව පසුකිරීමට අප‍්‍රිකානු පන්දු යවන්නන්ගෙන් ඉඩ නොලැබිණි.

අනතුරුව ලකුණු 77ක පළමු ඉනිමේ වාසියක් සමගින් පිටියට පැමිණි දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට යළිත් වරක් අභියෝග කිරීමට ඉන්දියානු වේග පන්දු යවන්නන් සමත්වු අතර ප‍්‍රබල අප‍්‍රිකානුවන්ගේ දෙවැනි ඉනිම ලකුණු 130කට සීමා කිරීමට සමත්විය.

එහිදී හුදකලා ඉනිමක් ක‍්‍රිඩා කළ ඒ බි ද විලියර්ස් ලකුනු 35ක් රැස් කරගත් අතර අදීන් මාක්රම් ලකුණු 34ක් රැුස් කරගැනීමට සමත්විය

යළිත් වරක් පන්දුවෙන් දස්කම් දැක්වු වේගපන්දු යවන්නන් වන මෙහොමඩ් සාමි හා ජස්ප‍්‍රීත් බුම්රා කඩුලු 03 බැගින් ද බුවනේෂ්වර් කුමාර් කඩුලු 02 බැගින්ද දවාගත්හ.

ඒ අනුව තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස දකුණු අප‍්‍රිකාව පෙරමුණේ පසුවෙයි

දකුණු අප්‍රිකාව – පළමු ඉනිම – ඕවර 73.1 කදී සියලුදෙනා දැවී ලකුණු 286
(ඒ.බී. ඩිවිලියර්ස් 65, ෆෆ් ඩුප්ලෙසීස් 62, කුයින්ටන් ඩිකොක් 43, වර්නන් ෆිලැන්ඩර් 23, කේෂව් මහරාජ් 35, කගීසෝ රබාඩා 26, බුවනේෂ්වර් කුමාර් 87/4, රවිචන්ද්‍රන් අශ්වින් 21/2)

ඉන්දියාව – පළමු ඉනිම – ඕවර 73.4 කදී සියලුදෙනා දැවී ලකුණු 209
(චෙතේෂ්වර් පුජාරා 26, හර්දික් පාණ්ඩ්‍යා 93, බුවනේෂ්වර් කුමාර් 25, වර්නන් ෆිලැන්ඩර් 33/3, කගිසෝ රබාඩා 34/3, ඬේල් ස්ටේන් 51/2, මෝර්න් මෝකල් 57/2)

දකුණු අප්‍රිකාව – දෙවැනි ඉනිම – ඕවර 41.2කදී සියලු දෙනා දැවී ලකුණු 130 (එ්.බී.ද විලියර්ස් 35, අදීන් මාක්රම් 34, ඩීන් එල්ගාර් 25, මොහොමඩ් සාමි 3/28, ජස්ප‍්‍රීත් බුම්රා 3/39)

ඉන්දියානු දෙවැනි ඉනිම – ඕවර 25.4කදී සියලු දෙනා දැවී ලකුණු 135
රවිචන්ද‍්‍රන් අශ්වින් 37, විරාත් කෝලි 28, වර්නන් ෆිලැන්ඩර් 6/42, මර්නි මෝර්කල් 2/39, කාගීසෝ රබාඩා 2/41

Rate this item
(0 votes)