April 25, 2024

චන්දිකට අභියෝග කල ආරම්භක පිතිකරුවා සංචිතයෙන් දොට්ට දමයි…

බංගලාදේශය -  ශ‍්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් සමග පැවැත්වීමට නියමිත  තුන්කොන් තරඟාවලියේ පළමු තරඟ දෙක සඳහා වන බංගලාදේශ කණ්ඩායම නම් කර ඇති අතර පසුගිය කාලය පුරා බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කල සෞම්‍යා සාකර්ට මෙම සංචිතයේ තැන අහිමිවී ඇති අතර මේ දිනවල පැවැත්වෙන බංගලාදේශ දේශීය තරඟමාලාව තුල හොඳින් ලකුණු අතර සිටින එනමුල් හක් කලකට පසුව බංගලාදේශ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

චන්දික හතුරසිංහ දැඩි අපේක්ෂා තබාගෙන තිබු ක්‍රීඩකයෙක් වූ සාකර් පසුගිය කාලයේ හොඳ දක්ෂතා පෙන්වූ අත‍ර ඔහුගේ දක්ෂතා නිසාම ටෙස්ට් කණ්ඩායමටත් එකතු වීමට ඔහුට අවස්තාව ලැබුන අතර චන්දිකගේ සමුගැනීමෙන් පසුව ඔහු චන්දික ගැන පවසා තිබුනේ,පුහුණු කරු ලෙස ඔහු කල දෙයට වඩා ක්‍රීඩකයන් ලෙස තමන් දක්ෂ වූ නිසා පසුගිය කාලයේ තම කණ්ඩායම ජයගත් බවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දක්ෂයන් නොවන නිසා චන්දිකට කල හැකි දෙයක් නොමැති බවද ඔහු අභියෝග කර තිබිණි.

වේගපන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් ටද බංගලාදේශ කණ්ඩායමේ තැන අහිමි වී ඇති අතර පිතිකරුවකු සහ කඩුලු රකින්නෙකු ලෙස දක්ෂතා පෙන්වූ ලින්ටන් දාස් ද කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

මෙම ක්‍රීඩකයන් වෙනුවට BPL තරඟාවලියේ දක්ෂතා පෙන්වූ මොහොමඩ් මිතුන්,මුෂ්ෆිකර් රෙහෙමාන් සහ එනමුල් හක් කණ්ඩායමට පැමිණ ඇත.

ඒ අනුව නම් කල බංගලාදේශ සංචිතය.

Mashrafe Mortaza (capt), Shakib Al Hasan, Tamim Iqbal, Imrul Kayes, Anamul Haque, Mushfiqur Rahim, Mahmudullah, Nasir Hossain, Sabbir Rahman, Mohammad Mithun, Mustafizur Rahman, Rubel Hossain, Abul Hasan, Mehidy Hasan Miraz, Mohammad Saifuddin, Sunzamul Islam.

Rate this item
(1 Vote)