April 24, 2024

ශ්‍රී ලංකා තරඟාවලිය ගැන බංගලාදේශ ක්‍රිකට් ලොක්කන්ගෙන් ආන්දෝලනාත්මක තීරණයක්…

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලිය සහ ඉන් අනතුරුව මෙම මස අවසානයේ ශ්‍රී ලංකාව සමඟින් ආරම්භ වන ටෙස්ට් හා විස්සයි විස්ස තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම සහය පුහුණුකරු ලෙස සිටි රිචඩ් හල්ශාල් සහ කණ්ඩායමේ සිටින ජෙෂ්ට ක්‍රීඩකයන්ට පැවරීමට බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

පුහුණුකාරීත්වයේ වගකීම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින්ට පැවරූ බව බංගාලදේශ ක‍්‍රීකට් සභාපති නස්මුල් හුසෙන් පවසා ඇත්තේ තවමත් නොවැම්බර් මාසයේ චන්දිකගේ ඉවත්වීමෙන් හිස්වූ ප්‍රධාන පුහුණුකාර දුරයට සුදුසු කෙනෙකු සොයා ගැනීමට නොහැකිවීම නිසාය.

නසමුල් හුසෙන් සදුදා දිනයේදී එක්දින කණ්ඩායමේ නායක මෂ්රීෆ් මොටාසා සහ ටෙස්ට් හා විස්සයි විස්ස කණ්ඩායමේ නායක සකීබ් අල් හසන් මුණගැසී ඇතිවී තිබෙන තත්වය පිළිබඳව ඔවුන් සමඟ කතා කර ඇති අතර එහිදී තමන්ට නායකයන් ලෙස ක්‍රීඩකයන් ලෙස ලබාදෙන දායකත්වයට අමතරව පුහුණුකරුවන් ලෙසද කණ්ඩායමට දායකත්වයක් දිය හැකි බවට එකඟ වී ඇත.

ඒ එළැඹෙන තරගාවලි සදහා කණ්ඩායමට අමතර පුහුණුකරුවෙකු සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන අතර ජාතික කණ්ඩායමක පුහුණු කිරීමේ වගකීම ක්‍රීඩකයන්ටම පැවරීම තරමක ආන්දොලනාත්මක තීරණයක් වුවද එම තීරණය ගැන ක්‍රීඩකයන් කැමැත්තෙන් සිටින බව නසමුල් හුසේන් පවසා ඇත.

“අපි කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයින්ට පුහුණුකිරීමේ වගකීම බාරදුන්නා..ඒ අය ගොඩක් විශ්වාසයෙන් සහ කැමැත්තෙන් ඉන්නේ ඒ ගැන.අපි මේ වෙනකොටත් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් සමග කතා කරල තියෙන්නේ ..අපිට කියන්න පුලුවන් ක‍්‍රීඩකයින් ඔවුන්ටම පුහුණුවීම් කරගනී කියල.”
ස්ථිර පුහුණුකරුවෙකු සෙව්වද තවමත් ඒ සඳහා ගැලපෙන කෙනෙකු සොයා ගැනීමට නොහැකි වූ බවද බංගලාදේශ ක්‍රිකට් සභාපති වරයා පවසා ඇත.

“අපිට කිසිම පුහුණුකරුවෙක් නෑ එළැඹෙන තරගාවලිය වලට ප‍්‍රථම කණ්ඩායමට බදවා ගන්න.අපි කණ්ඩායම ඉන්න කාර්ය මණ්ඩලයත් එක්ක එතකන් මේ වැඩේ පවත්වාගෙන යන්න ඕන. ක‍්‍රිකට් ආයතන නියෝජනය කරමින් දිගු කලක් තිස්සේ කණ්ඩායමත් සමග වැඩ කරන කාලීඩ් මෙහෙමුඩ් කණ්ඩායම සමග මේ වැඩේ ඉස්සරහට කරගෙන යයි.”

බංගලාදේශ ක‍්‍රීකට් සභාපතිවරයා ඩකා හිදී මෂ්රීෆ් හා සකීබ් අල් හසන් මුණගැසී සිදු කල සාකච්චා වලදී ප‍්‍රධාන වශයෙන්ම 2018 වර්ෂයේ සහභිගී වීමට නියමිත තරග සදහා අවශ්‍ය සැලසුම් පිළිබදව සාකච්ජා කර ඇති බවත් වාර්තා වෙයි.

බංගලාදේශ කණ්ඩායම, ශ‍්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම සමග තුන්කොන් තරගාවලියකින් 2018 වසර ආරම්භක කරන අතර මෙම තුන්කොන් තරගාවලිය නිම වීමෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග ටෙස්ට් හා විස්සයි විස්ස තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය.

බංගලාදේශ කණ්ඩායම මෙම වසරේ ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සංචාරය කිරීමටද සූදානමින් සිටින අතර ඉන් පසු ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියටද ශ‍්‍රීලංකාවේ පැවැත්වෙන් නිදහස් කුසලාන තරගාවලියටද සහභාගී වීමට නියමිතව ඇත.

Rate this item
(0 votes)